ලේ මදිනම් ලේ වැඩි කරගන්නේ මෙහෙමයි

 “එයාට ලේ මදි. හොඳට කන්න බොන්න දෙන්න කියනවා.” ඇත්තටම මොකද්ද මේ ලේ මදිකම කියන්නෙ. අපි ටිකක් ඒ ගැන දැනුවත් වෙමු. නීරක්තිය, නැත්තම් රක්තහීනතාවය (Anemia) අද දරුවන් සහ වැඩිහිටියන් දෙපාර්ශවයම අතර දක්නට පුළුවන් රෝගී තත්වයක්. මෙයට ප්‍රධාන හේතුව යකඩ ඌනතාවයි. නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ හිමොග්ලොබින් මිලි ලීටර් 100 ට ග්‍රෑම් 12 ක්. මෙම ප්‍රමාණයට වඩා අඩු වීම නීරක්තිය ලෙස හඳුන්වනවා.

යකඩ ඌනතාවයට බලපාන හේතු

  • එදිනෙදා ආහාර වේලේ ප්‍රමාණවත් තරම් යකඩ අඩංගු නොවීම.
  • ආහාරයේ අඩංගු යකඩ ශරීරයට උරා නොගැනීම.
  • රුධිර වහනය
  • ගැහැණු දරුවන්ගේ මාසිකව සිදුවන රුධිර වහනය
  • පර පෝෂිත ආසාදන

නීරක්තිය කොහොමද හඳුනා ගන්නේ

  • සුදුමැලි බව
  • අධික මහන්සිය
  • හිසරදය
  • හුස්ම ගැනීමේ අපහසුතාවය
  • අවධානය හා මතක තබා ගැනීමේ හැකියාව අඩු වීම.
  • ඉගෙනීමේ දුර්වලතා

යකඩ උරා ගැනීම අඩු වෙන්නේ ඇයි?

  • ප්‍රධාන ආහාර වේල් සමග තේ, කෝපි, වැනි කැෆේන් ටැනින් අඩංගු පානයන් ගැනීම.
  • නිවැරදි නොවන ආහාර පුරුදු

යකඩ උරා ගැනීමට කළ යුතු දෑ

  • ආහාර පිළියෙළ කිරීමේදී සියඹලා ,තක්කාලි එකතු කිරීම
  • විටමින් සී බහුල අතුරුපස ආහාරයෙන් පසුව ලබා ගැනීම
  • කඩල, මුන් ඇට වැනි ධාන්‍ය පොඟවා අංකුර ඇති වූ විට ආහාරයට ගැනීම.
  • මස්, මාළු, කරවල ආහාරයට එකතු කර ගැනීම.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles