පරිගණක ඇබ්බැහිය ඔස්ටියෝපොරෝසිස් රෝගයට අතවනයි ද?

රෝග ලක්ෂණ කිසිවක් මතු පිටින් නොපෙනීම නිසා නිහඬ රෝගයක් ලෙස හැඳින්වෙන ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ අවදානම පරිගණක ඇබ්බැහිය නිසා වැඩිවිය හැකි බව ඔබ දැන සිටියාද?

ඔස්ටියෝපොරෝසිස් යනු අස්ථි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බෝ නොවන ‍රෝගයක්. “ඔස්ටියෝපොරෝසිස්” යන්නෙහි තේරුම “සිදුරු සහිත අස්ථි” යන්නයි.  මෙහිදී අස්ථි දුර්වල වී ඇති බව දැනගන්න ලැබෙනුයේ වැටුණු විට හෝ යමක වැදී අස්ථියක් බිඳුණු විටයි. බොහෝ අය සිතන්නේ මෙම රෝගය වැලඳෙන්නේ වයස්ගත ස්ත්‍රීන්ට කියායි. නමුත් එම නිහඬ රෝගයට යොවුන් අයත් ගොදුරු වේ.

යොවුන් වියේ පසුවන්නන් ඇඟ වෙහෙසෙන ක්‍රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටීමෙන් අස්ථි දුර්වලවීමේ අවදානමක් ඇතැයි නෝර්වේ හි දී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිවී ඇත.

ළමා කාලය හා තරුණ වයස එනම් වයස අවුරුදු 13 ත් 19ත් අතර කාලය අස්ථි වැඩීමේ හා නිසිපරිදි පිහිටීමේ වැදගත්ම කාලය බවත් මෙම තත්ත්වය මත පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම මතුවන බවත් මෙහිදී අනාවරණය වී ඇත. තවද අධික වේලාවක් පරිගණක තිරය දෙස බලා සිටීම හා පිරිමි දරුවන්ගේ අස්ථිවල ඝනකම අඩුවීම අතර සබඳතාවක් පවතින බව විශේෂඥ  මතයයි.

කුඩා කල සිටම ඔස්ටියෝපොරෝසිස් වැළඳීම වළක්වාගැනීමට පියවර ගත යුතු අතර  ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් කිරීම , කැල්සියම් සහිත ආහාර ලබා ගැනීම, ධාන්‍ය, සෝයා හා තද කොළ පැහැයෙන් යුත් එළවළු ආහාරයට එක් කරගැනීම, දිනකට විනාඩි දහයක් පමණ වත් හිරු එළියට නිරාවරණ වී සිටීම ආදිය ඒ සඳහා උපකාරීවේ.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles