කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති අයට ගැලපෙනම කෑම-ගිතෙල්

ඉන්දියානු ආහාර වලට කැමති අයට නම් ගිතෙල් ඉතාම හුරු පුරුදු දෙයක්. කිරිවල අතුරු ඵලයක් ලෙසින් නිපදවෙන ගිතෙල් ආහාරයක් වගේම ඖෂධයක් ලෙසින් ද  අතිතයේ සිට භාවිතා කෙරේ. ගිතෙල්  ක්‍රමානුකූලව දිනපතා භාවිත කිරීමෙන් ශරීරය පෘෂ්ටිමත් වෙනවා මෙන්ම සම පැහැපත්වීම, සමේ වියළි බව නැතිවීම, වයසත් සමඟ පරිහානියට පත්වන මතක ශක්තිය ආරක්‍ෂා කර ගැනීම යනාදී ප්‍රතිඵල ලැබේ.

ගිතෙල් නිසි පමණින් ආහාර වලටමිශ්‍ර කිරීමෙන් අහිතකර සෞඛ්‍ය ගැටලු ඇති නොවේ. ප්‍රමාණයට වඩා ආහාරයට ගැනීමත් ඒ වගේම රුධිරගත කොලෙස්ටරෝල් වැඩිපුර තිබෙන අය වගේම අධික තරබාරුවෙන් පීඩා විඳින අය වැඩිපුර ගිතෙල් ආහාරයට ගැනීම නම් සුදුසු වන්නේ නැහැ. නමුත් කොපමණ ආහාර ගත්තත් ශරීරය වර්ධනය නොවන අයට නම් ගිතෙල් වටිනා ඖෂධයක්. ගිතෙල් මඟින් ශරීරයේ වියළි ස්වභාව නැති කර ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලින් දීප්තිමත් කරනවා. ගිතෙල්  මඟින් ආහාරයෙන් ලැබෙන පෝෂණය ක්‍රමානුකූලව ධාතුගත වීමේ ක්‍රියාවලිය ඉක්මන් කරන නිසා ශරීරයේ අඩංගු තෙල් ප්‍රමාණය වැඩි කිරීම නොව සියලුම ධාතුන්ද (මාංස පේශීන්ද ඇතුළුව) වර්ධනය කරනවා. මෙම ආකාරයට සිදුවන පෝෂණමය උත්තේජනය මඟින් ශරීරය පෘෂ්ටිමත් වන නිසා ශරීරය පෘෂ්ටිමත් සහ වර්ධනය කරගන්න කැමති අය දිනපතා ගිතෙල් තේ හැඳි එකක් දෙකක් ආහාරයට මිශ්‍රකර ගැනීම සුදුසුයි.

ගිතෙල් සිසිල් ගුණයෙන් යුක්ත නිසා පිත වැඩිවීමෙන් හටගන්නා රෝග රැසකට වගේම, ශරීරයේ දැවිල්ල සහිත රෝග අවස්ථාවලට ගිතෙල් ගුණදායකයි. ගිතෙල්වලටත්, ගිතෙල් අඩංගු විශේෂ ඖෂධවලටත් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආශ්‍රිත රෝග සුව කරන්න පුළුවන්. එපමණක් නොවේ, කාන්තාවන්ගේ මෙන්ම පිරිමින්ගේ සරු බව ඇති කිරීමටත් ගිතෙල් පදනම් වූ ඖෂධ තිබෙනවා.

බත්වලට වඩා අටගුණයක් පෝෂණය ගිතෙල්වලින් ලැබෙන බව ආයුර්වේදයේ සඳහන් වනවා. ගිතෙල්වල විටමින් ඒ හා ඊ බහුලව තිබෙන නිසා ස්නායු දිරාපත්වීමේ ක්‍රියාවලිය පාලනය කරන්නත් වයසත් සමඟ ක්‍රමයෙන් පරිහානියට පත්වන මතකය යථා තත්ත්වයට පත්කරන්න පුළුවන්.  ඇස් රෝග සුව කිරීමේදීත් ගිතෙල් අවශ්‍යම අංගයක් වෙනවා.

මුහුණේ වියළීම වැළැක්වීමට ගිතෙල් moisturizer එකක් ලෙස ක්‍රියා කර සමේ තෙතමනය ආරක්‍ෂා කර දෙනවා. ස්වභාවයෙන්ම සම වියළී ගිය අයට ගිතෙල් ආලේප කර ගැනීමෙන් වියළි බව නැතිවී යයි. එසේම සමේ වියළි බව දුරුකර ගැනීමට මඳ උණුසුම් ගිතෙල් ශරීරයේ ආලේප කර සම්බාහනය කිරීමද සුදුසුය. මෙසේ සතියකට වරක් හෝ දෙකක් මෙසේ කිරීමෙන් සමේ වියළි බව නැතිවී සම පැහැපත් වේ.  ‘අමෘතය’ බඳු ඖෂධයක් වන ගිතෙල් භාවිතා කර ඔබටත් ලස්සන වෙන්න වගේම නීරෝගීමත් බව රැකගන්නත් ඔබට පුළුවන්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles