කල් නොයවා හඳුනාගත යුතු පියයුරු පිළිකා

ලෝකය පුරා කාන්තාවන් අතර පවතින පිළිකා තත්ත්වයන් අතරින් පළමු ස්ථානය හිමිවන්නේ පියයුරු පිළිකාවන්ට.  පියයුරු පිළිකාවන් ඇතිවන්නේ පියයුරෙහි ඇති සෛලවලයි. කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ පියයුරු නිර්මාණය වී ඇත්තේ එක හා සමාන පටක වර්ගවලින් නිසා පිරිමින් තුළද පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින නමුත් එය කාන්තාවන්ට වඩා සිය ගුණයකින් අඩුය අතර වැඩුණු පියයුරු පිළිකා සෑදුනු පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව එවන් කාන්තාවකගේ ආයු අපේක්ෂාවට සමාන වේ.

පියයුරු පිළිකාවක ප්‍රධාන රෝග ලක්‌ෂණය වන්නේ පියයුරුවල ගැටිති ඇතිවීමයි. 95%-98% ප්‍රමාණයක්‌ මෙම තත්ත්වය දැකිය හැක. නමුත් පියයුරු වේ ඇති සෑම ගැටිත්තක්‌ම පිළිකාවක්‌ නොවන බව දැන ගත යුතු අතර සෑම විටම පියයුරුවල ගැටිතිවලට වෛද්‍ය උපදෙස්‌ ලබා ගත යුතුයි. පියයුරුවල වේදනාව ඉතාමත් කලාතුරකින් පියයුරු පිළිකාවක්‌ විය හැක. පියයුරුවල ප්‍රමාණය (Size) හෝ හැඩයෙහි (Shape) වන්නා වූ වෙනස්‌කම්, කිහිලිවල ඇතිවන්නා වූ ඉදිමීමක්‌ (Swelling in thee armpit), පියයුරු තුඩුවලින් ස්‍රාවයක්‌ පිටවීම(Change or discharge), තන පුඩුව සහ ඒරියෝලාව කැසීම පියයුරු පිළිකාවල රෝග ලක්‌ෂණයක්‌ වේ.  කල්ගත වූ පිළිකාවල රෝග ලක්‌ෂණ මීට වඩා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගන්නා අතර ඒවා නම් තුවාල ලෙස පිළිකාව සම මතුපිට සෑදීම, පියයුරු ඉදිමීම, සම දොඩම් ලෙල්ලක්‌ මෙන් දක්‌නට ලැබීම ආදිය වේ.

ස්‌ථිර වශයෙන්ම ඔබගේ ඇතිවී තිබෙන ගැටිත්තක්‌ පිළිකා රෝග කාරක ඇති දැයි සොයා බැලීමට වැදගත්ම පරීක්‍ෂණය වන්නේ Biopsy කිරීමක්‌ මගින් ගන්නා වූ නිගමනයයි. එය එසේ කළ යුතුදැයි ඔබගේ වෛද්‍යවරයා තීරණය කරනු ඇත. ඇමරිකානු පිළිකා සංගමයට අනුව අවුරුදු 40 සම්පූර්ණ වූ කාන්තාවන්ට මැමෝ ග්‍රෑම් (Mammogram) පරීක්‍ෂාවක්‌ කිරීම වැදගත්. එක්‌සත් රාජධානියට අනුව අවුුරුදු 50 සිට 74 දක්‌වා වන කාන්තාවන්ට සෑම අවුරුදු 2 කට වරක්‌ එම පරීක්‍ෂණයක්‌ කිරීම වැදගත්. වයස අවුරුදු 50 සම්පූර්ණ වීමට ප්‍රථම තමන්ට සුදුසු කුමන පරීක්‍ෂණයද යන්න තම වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණය කරගත යුතුය. ඇතැම් අවස්‌ථාවල වෛද්‍යවරයා විසින් Breast Ultrasound පරීක්‍ෂණයක්‌ද කරන්නට උපදෙස්‌ දෙන්නට පිළිවන්.

දියුණුරටවල රෝගීන්ගේ ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගත්තද මරණ සංඛ්‍යාව අවම ප්‍රමාණයක් වාර්තාවීම ප්‍රතිකාර සඳහා යොමුවීම ඉහළ අගයක් ගන්නා බව තහවුරු කරයි. නමුත් ලංකාව තුළ බොහෝ විට කාන්තාවන් පියයුරු පිළිකා වැළඳීම දිනෙන් දින ඉහළ යන අතර (මෙම තත්ත්වය රටවල් රැසක පොදු තත්ත්වයක්)  තුළ බොහෝ පිළිකා රෝගීන් අවසන් අදියර දෙක තුළදී ප්‍රතිකාර සඳහා යොමුවීම හේතුවෙන් සුවකරගැනීමේ හැකියාව අවම වී ඇත. සුවනාරි සායන හරහා පිළිකා හඳුනාගැනීමේ මූලික පරීක්ෂණ සිදුකරන අතර ඒ සඳහා යොමුවීමෙන් සුවකළ හැකි පිළිකාවන්ගෙන් ආරක්ෂා විය හැක. මේ වන විට 10,000ක් තරම් ප්‍රමාණයක් ලංකාව තුළ පියයුරු පිළිකා රෝගයෙන් සුවපත් ව සමාජගත වී ඇත. නිතරම නැවුම් එළවළු, පලතුරු වර්ග, Green Tea, ඇට වර්ග, ධාන්‍ය වර්ග ආදිය බහුලව ආහාරයට එක් කරගැනීම මඟින් මෙන්ම නිසි සෞඛ්‍ය පුරුදු ජීවිතයට එක් කර ගැනීමෙන් මෙම පිළිකා අවදානම අවම කර ගත හැක.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles