සම පිරිසුදු කරන රහස් වට්ටෝරු

කෘතීම රසායනවලින් තොරව, සම පිරිසුදු කරගැනීමට, සමට පෝෂණයක් ගෙන දීමට හැකිනම් එය කෙතරම් වටිනා අවස්ථාවක්ද? ඉතින් මෙන්න මේ රහස් වට්ටෝරු ඔබේ රුව තව තවත් ඔප නංවනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.

ස්වාභාවික ක්ලෙන්සර් වට්ටෝරු

දෙහි සහ මී පැණි

මී පැණි හැන්දකට දෙහි බින්දු කිහිපයක් එක් කරගන්න. එය හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය මුහුණේ සහ ගෙලෙහි ආලේප කර කවාකාරව උඩු අතට මිනිත්තු දෙකක් පමණ පිරිමදින්න. මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කෝමාරිකා සාරය

කෝමාරිකා සාරයට දෙහි සහ මී කිරි එක් කරන්න. එය හොඳින් මිශ්‍ර කරගෙන ඉන් මුහුණ සහ ගෙල මිනිත්තු දහයක් පමණ සම්බාහනය කරන්න. මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය සාමන්‍ය සහ වියළි සමට ඉතාමත් සුදුසුයි.

ස්වාභාවික ස්ක්‍රබ් වට්ටෝරු

සහල් ස්ක්‍රබ්

සහල් කුඩු කළ විට කැට වශයෙන් ඉතිරිවෙන කොටස ගන්න. යෝගට් හැන්දක් සහ දෙහි බින්දු දෙකක් එක්කරන්න. ස්ක්‍රබ් එකක් ලෙස තවරන්න.සාමන්‍ය සහ වියළි සමට වඩාත් සුදුසුයි.

පරිප්පු  ස්ක්‍රබ්

මයිසූර් පරිප්පු මිටක් හොඳින් සෝදා පොඟවා කැබලි සිටින සේ කුඩු කරගන්න. හොඳින් ඉදුණු ඇට සහ පොතු  ඉවත්කරගත් තක්කාලි කැබැල්ලක් සහ ඉතා කුඩා කැට සීනි ටිකක් එකතුකරන්න. මෙය තලපයක් ලෙස සකසා මුහුණ සහ ගෙල ස්ක්‍රබ් කරන්න.

ස්වාභාවික ටෝනර්

අයිස් වතුර

හොඳින් ක්ලේන්සර් හෝ පිරිසුදු කරගත් මුහුණ අයිස් වතුරෙන් සෙමින් තෙමන්න. මෙහිදී සම ඇතිල්ලීම අනවශ්‍යයි. මෘදුව සේදීම පමණක් ප්‍රමාණවත්. ස්වාභාවිකවම ජලය වියළීමට ඉඩ හරින්න.

පිපිඥා සාරය

ඇට සහ පොතු ඉවත් කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ යුෂය අනගි ටෝනර් එකක් ලෙස ක්‍රියා කරනවා. පුළුන් කැබැල්ලකින් තවරා උඩු අතට පිරිමදින්න. ස්වාභාවිකවම වේලීමට ඉඩ හරින්න.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles