මී කිරි සමග ක්‍රිස්පී වෙජිටබල්ස්

මී කිරි කියන්නේ ඉතාමත්ම සුලබ ගුණදායක ආහාරයක්. මී කිරි මිශ්‍ර කර හදන මේ ආහාරය ඔබේ කෑම මේසයට පෝෂණය සමග නව පෙනුමක්, සතුටක් රැගෙන එයි කියලා අප සිතනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තීරු කපාගත් කැරට් ග්‍රෑම් 100
  • තීරු කපාගත් වම්බටු ග්‍රෑම් 100
  • තීරු කපාගත් අල ග්‍රෑම් 100
  • තීරු කපාගත් බෝංචි ග්‍රෑම් 100
  • මී කිරි අඬු කෝප්ප 1
  • කොත්තමල්ලි කොළ මේස හැඳි 1
  • සූදුරු කුඩු තේ හැඳි ¼
  • සූදුරු ඇට තේ හැඳි 1
  • දෙහි ගෙඩියක ඇඹුල්
  • ලුණු ස්වල්පයක්
  • බිත්තර 2
  • පාන්පිටි ස්වල්පයක්

සාදන ක්‍රමය:

පළමුව මී කිරිවලට කොත්තමල්ලි කොළ, සූදුරු, දෙහි ඇඹුල්, ලුණු, මිශ්‍ර කර පසෙකින් තබන්න. කපාගත් එළවලු වලට පාන්පිටි ස්වල්පයක් දමා මිශ්‍ර කර පසෙකින් තබන්න. බිත්තර 2 හොඳින් ගසා එයට පාන්පිටි ටිකක්, පොල්කිරි ස්වල්පයක් සූදුරු ඇට තේ හැඳි 1 එකතු කර බැටරය සාදන්න. කපාගත් එළවලු මෙහි දවටා ගැඹුරු තෙලේ රන්වන් පාටට බදින්න. බැදගත් එළවලු දීසියක අතුරා මීකිරි මිශ්‍රණය උඩින් දමන්න.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles