ඔබට ආදර ඇරයුම් එන්නේ ම මල්ලිලාගෙන් ද?

“සුළඟ වගේ ඇවිදින්”නව කතාව නොකියවූ කෙනෙක් නැති තරම්. ඒ පොත එච්චරටම ජනප්‍රිය වෙන්න හේතුව ඒ කතා සාරය අක්කා – මල්ලි ආදරයක් වීම කියන එකත් ජනප්‍රිය මතයක්. ප්‍රියංකා – නික්, ප්‍රංශ ජනාධිපති සහ ඔහුගේ බිරිඳ, අර්ජුන් කපූර් සහ මලයිකා වගේ ජනප්‍රිය උදාහරණ මේ මාතෘකාවට ඕනෑතරම් තියනවා.

ඒ විතරක් නෙවෙයි. ස්මාර්ට් ලේඩි වෙනුවෙන් ගංගා ෂයිනි ගමගේ ලියන අලුත්ම නවකතාව “මල්වර මල් සර” ත් ඒ මාතෘකාවට පිවිසෙමින් ඉන්න කතාවක්.

ජීවිතේ කිසිම දවසක ඔයාට මල්ලි කෙනෙක්ට ආදරේ හිතිලම නැද්ද? මල්ලි කෙනෙක් ඔයාට ආදරේ ප්‍රකාශ කරලම නැද්ද?

ආදරයට කිසිම හේතුවක් අදාළ නොවන බව ඇත්ත. නමුත් වයසින් බාල තරුණයෙක් ඔබට ආකර්ෂණය වෙන්න හේතු තියනවා. ඒ මොනවද?

  1. කාන්තාවට ජීවිතය ගැන අත්දැකීම් බහුල වීම

ජීවිතේ සමහර තීරණ ගන්න පිරිමි දෙතුන්පාරක් හිතනවා. ඒත් අත්දැකීම් තියන තමන්ට වඩා ගැඹුරු විදියට ඒ ගැන හිතන කෙනෙක් ජීවිතේ ඉන්නවට එයාලා කැමතියි. ඒ කියන්නේ අත්දැකීම් බහුල කෙනෙක් එක්ක ජීවිතේ පහසු බව එයාලට හිතෙන්න පුලුවන්. සමහරවිට සෙක්ස් වුණත්!

  1. තමන්ට අවශ්‍ය දේවල් ගැන ඇය හොඳින් දන්නා බව සිතීම

මේක සරලවම ගත්තොත් අවබෝධය! සමහර වෙලාවට නංගි බබෙක්ට ආදරය කරනකොට තමන් හිරවෙලා පැටලිලා ඉන්න තැන්වල එයා ඕනෑවත් වඩා කලබල වීම පිරිමි නුරුස්සනවා. ඒ වගේම කන්න ගියත් ඔයා කැමති දෙයක් කිය කියා ඉන්න එක පිරිමින්ට කරදරයක් වෙන්න පුලුවන්. ඉතිං අක්කෙක් ඊට වඩා හොඳට තමන්ව තේරුම් ගනියි කියලා පිරිමි ළමයි හිතනවා.

  1. ආත්ම විශ්වාසය ගැන ඇති විශ්වාසය

මේ කතාවනම් පොඩ්ඩක් මමත්වයට ළඟ කාරණාවක්. තමන්ට වඩා අවුරුද්දක් හරි අවුරුදු දහයක් හරි වැඩිමල් කාන්තාවක් කියන්නේ ජීවිතේ දේවල් සම්පූර්ණ කර ගත්තු කෙනෙක්. එහෙම කෙනෙකුට ළං වෙලා ආදරෙයි කියලා ඒ ආදරේ දිනාගන්න තරම් තමන්ට ශක්තියක් තියනවා කියලා හිතන්න පිරිමි කැමතියි. ඒකනම් ඇත්තටම මනෝ විද්‍යාත්මක කාරණාවක්.

  1. අම්මාගෙන් හිස් වෙන තැන

ජීවිතේ අම්මාව මඟ හැරෙන ගොඩක් පිරිමි ළමයි ආදරේ කරන්න තෝරා ගන්නේ වයසින් ටිකක් වැඩිමහල් කාන්තාවක් කියන එකත් මනෝ විද්‍යාත්මක කාරණාවක්. අවුරුදු විසි ගාණක් මඟ හැරුණු ආදරේ, අවධානේ ලබා ගන්න එයාලට ඕනෑ.කෙටියෙන්ම කිව්වොත් හුරතල් කරනවට වඩා හුරතල් වෙන්න එයාලා කැමතියි.

  1. අනොන්‍ය අවබෝධය වැඩි තැනක්.

“ඇයි ඔයාගේ ෆෝන් එක වේටින්,” ඉඳලා “අපේ ඇනිවසරි එක කියලා අමතකද” කියන තැනට වෙනකම්ම අක්කලා රණ්ඩු කරන්නේ නැති බව පිරිමි ළමයි විශ්වාස කරනවා. එයාලා ජීවිතේ තේරුම් ගන්න බව, මීට පෙර තිබුණු සම්බන්ධතා හෝ විවාහයක් නිසා සම්බන්ධතාවයක් තුළ ගෞරවය ගොඩ නගන්න දන්නා බව පිරිමි විශ්වාස කරනවා. පොඩි පොඩි කාරණාවලට රණ්ඩු කරනවට වඩා ජීවිතේ ඉස්සරහට යන්න එයාලා දන්න බවත් පිරිමි හිතනවා.ඒකත් අක්කලා කෙරෙහි ආකර්ෂණය වෙන්න හේතුවක්.

මේවා මනෝ විද්‍යාත්මක කාරණා. හැබැයි ඔය මොකුත්ම නැතුව වයස නොපෙනීම නිසා වෙන ආකර්ෂණය, දීර්ඝ කාලීන මිත්‍රත්වය ආදරයට හැරීම වගේ දේවල් වෙන්නත් පුලුවන්.

ඒ මොනවා වුණත් ආදරේ කියන්නේ ආදරේට! කිසිම කෙනෙක්ගේ ආදරයක් අපිට විනිශ්චය කරන්න බෑ. ඒ නිසා ඕනෑම කෙනෙක්ගේ ආදරේට ගරු කරන්න. 

Related Articles

Don't Miss


Latest Articles