අදියර 10 කින් මුළුතැන්ගෙය පිරිසිඳු කරමු

නිවසක මුළුතැන් ගෙය පිරිසිදුවට පිළිවෙලකට තියෙන එක අනිවාර්යය දෙයක්. මෙන්න මේ ක්‍රම ටික පිළිවෙලට අනුගමනය කළොත් මුළුතැන්ගෙය පහසුවෙන් පිලිවෙළකට පිරිසිදු කර ගන්න  ඔබටත් පුළුවන්..

පළමු අදියර

පළමුවෙන්ම කළ යුතු දේ තමයි මුළුතැන් ගෙය පිරිසිදු කර ගැනීමේ කාර්යය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එක් රැස් කර ගැනීම. මෙහිදී අපද්‍රව්‍ය රැස් කිරීමට මලු කිහිපයක්. සේදුම්කාරක, සේදීමට යොදා ගන්නා බුරුසු, ස්පොන්ච්, කොස්සක්, මොප් එකක්,

දෙවන අදියර

සින්ක් එක උණුසුම් ජලයෙන් පුරවා එයට සේදුම් දියර මිශ්‍ර කරන්න. සේදීමට ඇති සියළු භාජන එහි පෙගෙන්නට දමන්න.

තෙවන අදියර

ශීතකරනය පිරිසිදු කිරීම තමයි තෙවැනියට කරන්න ඕන. මෙහිදී එහි ඇතුලත ඇති පරණ එළවළු පළතුරු හා වෙනත් ඉවත් කළ යුතු දේවල් ඉවත් කළ යුතුයි. පසුව එහි සියලු කොටස් හොඳින් සෝදා පිරිසිදු කළ යුතුයි.

සිව්වැනි අදියර

උදුන් පිරිසිදු කිරීමත් අනිවාර්යයෙන් කළයුතු දෙයක්. ගෑස් ලිප මතුපිට තෙත රෙදි කඩකින් හෝ ස්පොන්ජ් කැබැල්ලකින් පිස දමන්න. අවන් එකත් වියළි රෙදි කඩකින් පිස දමා පිරිසිදු කරන්න. ඉන් පසුව කොප්පයකට ඇමෝනියා දියරක් දමා රාත්‍රීයක් පුරා අවන් එක ඇතුලත තබන්න.

පස්වන අදියර

බිත්ති කබඩ් හා රාක්ක සියල්ල හොඳින් අස්කර ඉවත දැමිය යුතු සියල්ල අපද්‍රව්‍ය දමන මලුවලට දමන්න. පසුව සියල්ල හොඳින් පිස දමා අවශ්‍ය ද්‍රව්‍ය ඒවායේ පිළිවෙලකට අසුරන්න.

හයවැනි අදියර

උණුසුම් ජලයේ පෙඟෙන්නට දැමු භාජන සියල්ල සොදා පිරිසිදු කර ගන්න.

හත්වන අදියර

සින්ක් එක හොඳින් මැද පිරිසිදු කරගන්න.

අටවැනි අදියර

මුළුතැන් ගෙයින් ඉවත දැමිය යුතු අපද්‍රව්‍ය සියල්ල මලුවලට දමා ගැට ගසන්න.

නමවැනි අදියර

අපද්‍රව්‍ය දැමු මලු සියල්ල නිවසින් පිටතට රැගෙන යන්න

දසවන අදියර

දැන් මුළුතැන්ගෙය හොඳින් අතුගා මොප් කර ගන්න.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles