මවක් වන්නට සූදානම් වන ඔබ අමතක නොකළ යුතුම දෑ

ඔබ මවක් වන්නට සූදානම්ව සිටි නම් හෝ කවදා හෝ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් නීරෝගී දරුවකු ලබන්නට ඔබ අනිවාර්යෙන් කළ යුතු දේවල් පිළිබඳව මූලික වැටහීමක් තිබීම වැදගත්. බලන්න මේ කරුණු මවක් වන්නට සූදානම්ව සිටින ඔබටත් වැදගත් ද කියා.

අනිවාර්යෙන්ම ඔබගේ වෛද්‍යවරයා හෝ midwife විසින් නියම කල දිනට ඔවුන් හමු වී ඔබේ දරු ගැබට අදාල පරීක්ෂණ කර ගන්න අමතක  කරන්න එපා. මෙය මුලින්ම මතක තබා ගත යුතු වැදගත්ම දෙයක්. එම දින අමතක වෙනවා නම් ඒ පිලිබදව අලුත් පොතක සටහන් කර තබන්නට හෝජංගම දුරකතනයේ සටහන් පුරුදු වන්න.

කළලයේ මොලය හා ස්නායු පද්ධතියේ වර්ධනයටද ඉතා වැදගත් වන ෆෝලික් ඇසිඩ් මිනිස් සිරුරේ DNA නිපදවීම සදහා අවශ්‍ය සෛල නිපදවීම හා වෙනත් පරිවෘතීය ක්‍රියාවලි රාශියක් සදහා ඉතාමත් වැදගත්. මෙනිසා වෛද්‍යවරයා විසින් නියම කරන ලද ෆෝලික් ඇසිඩ් අඩංගු පෙති නියමිත මත්‍රාව හරි වෙලාවට ගන්න අමතක කරන්න එපා. ගර්භනී සමයේදී සැම මවක්ම අනිවාර්යෙන් ගතයුතු යකඩ , කැල්සියම් , විටමින් A, C, D, E , සින්ක් හා කොපර් විටමින් වර්ග (parental vitamins)  ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රමාණයට අහාර තුලින් හෝ පෙති හරහා ලබා ගන්න සැලකිලිමත් වන්න. නිවැරදි ප්‍රමාණයට විටමින් ටික ලබා ගතෙහොත් ඔබට ගර්භනී සමයේදී ඇති වෙන දිය වැඩියා ආදී රෝග තත්ත්වයනගෙනුත් බේරී සිටීමට හැකි වනු ඇත.

ගර්භනී සමයේදී සෑම මවක්ම අනිවාර්යෙන් ශරීරයට  ලබා ගත යුතු ප්‍රෝටීන් ප්‍රමාණයක් තිබෙනවා. මෙසේ නියමිත ප්‍රෝටීන් ප්‍රමාණය ගැනීම කුස තුල සිටින දරුවාගේ මොළයේ වැඩිමට ඉතාමත් වැදගත් වන අතර ගර්භනී සමයේ  ඇති විය හැකි preeclampsia කියන රෝග තත්වයෙන් වැලකි සිටීමටත් උපකාරීවේ. ඒ වගේම . විටමින් A, D, E හා K වගේ පෝෂණ සංගටක ශරීරයට හොදින් අවශෝෂණය කරගෙන ඔබේ දරුවාගේ කලලයට අවශ්‍ය ශක්තිය ලබා දීමට ගැබිණි මවක් දිනකදී මේස හැදී දෙකක මේද ප්‍රමාණයක් තම ආහාර තුලින් ශරීරයට එකතු කර ගත යුතු බව සැලකේ.

එසේම දිනපතා නිසි ලෙස වයායම් කිරීමටත් උනන්දු විය යුතුයි.හොද සෞඛ්‍ය සම්පන්න දරුවෙක් ලබන්න නම් ඔබේ සෞඛ්‍යත් හොඳින් පවත්වා ගැනීම වැදගත්.  ඔබේ වෛද්‍යවරයා සමඟග කතා කර සුදුසු වයායාම් මාලාවක් තෝරා ගන්න.

නිවස තුල හැකි තරම් ස්භාවික ගස් වර්ග තබන්න. ස්වාභාවික දෑ ආහාරයට එකතු කරගන්න. ඒ වගේම ඔබගේ මනස පිරිසිදුව තබා ගන්න. ධනාත්මක දේවල්  හිතන්න පුරුදු වෙන්න. දරුවාගේ මනස සකස්වීමට මෙය විශේෂයෙන් බලපානවා. ඔබට නිරෝගිමත් දරුවෙක් බිහිකරන්නට මෙම කරුණු අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වේවි.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles