අහස තරම් ආදරෙයි නම්….

ආදරය යනු බොහෝ දෙනෙක් විඳින්න කැමති වූ දෙයක්. සිය අත්දැකීම් පසුතල අනුව ඇතැමෙක් ආදරයට වෛර කරයි. ආදරය යන්න ගැඹුරින් කතා කළ හැකි මාතෘකාවක්. විවිධ පුද්ගලයින් විවධාකාරයෙන් ආදරය දක්වන අතර තවකෙක් විවිධාකාර ව ආදරය ලබා ගැනීමට උත්සුක වෙයි.

බොහෝ දෙනෙක් ආදරය සම්බන්ධයෙන් දක්වන්නේ ඉතා සුන්දර අදහසකි. ඇතැමෙක් ආදරය පිළිබඳ කතා කිරීමට පවා දක්වන්නේ දැඩි රුචිකත්වයකි. එසේ ම ආදරය කිරීමේ දී එකිනෙකා හොඳින් ගැළපීම අනිවාර්ය වේ. එය එසේ නොවුණහොත් ගැටළු සහගත තත්ත්ව උද්ගත වෙයි.

ආදරය කිරීමේ දී පෙම්වතුන් සිහිවටන තෑගී බෝග සඳහා ලබා දෙන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතර විසිතුරු භාණ්ඩ, රත්‍රං, මල්, චොක්ලට්, ඇඳුම් පැළඳුම් සඳහා ඉහළ ස්ථානයක් හිමි වෙයි. නමුත් එය අනිවාර්යම අඩිතාලම නොවේ. මිල පරයන සුන්දර මතකයන් සැබෑ ආදරයක බලකණුය.

ආදරයෙන් පරාද වූ ඇතැමෙක් පසු කලෙක සිය අතීතය පිළිබඳ සිහි කර සතුටු විය හැකි ස්ථානයක සිටී. ඒ ආදරය ඔවුන්ට දැඩී සමිපතාවයක් මෙන් ම ආදරය ඔවුන්ව කාලයක් පුරා ජීවත් කර වූ බැවිණි.

අවංක ව ආදරය කිරීමේ දී වයස් භේදයක්, ලස්සන-අවලස්සන, උස මහත කිසිවක් අවශ්‍ය නොවන බව බොහෝ දෙනෙක් පවසයි. එහෙත් එවැනි කිසි දෙයක් බල නොපායී නම් සැබෑ පෙම්වතුන් විරසක වී වෙන්වන්නේ මන් ද යන්න තවත් ප්‍රශ්නයකි.

වාණිජ තත්ත්වයන්, ආත්මාර්ථකාමී යටි අරමුණුවලින් මිදී සුන්දර ආදරයක්අත්දැක ඇත්නම් ඔබ සැබෑ වාසනාවනතියකි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles