ප්‍රෝන්ස් සැලඩ් සමග ස්වීට් ඇන්ඩ් සවර් සෝස්

එකම රටාවෙන් මිදුණු සැබෑ වෙනසකට …

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තරමක් ලොකු ඉස්සන් ග්‍රෑම් 100
  • ලොකු රතුපාට ඇපල් ගෙඩි 1
  • කොටු කපාගත් අන්නාසි කෝප්ප බාගයක්
  • හතරට පලාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 6

සාදන ක්‍රමය:

ඉස්සන් විනාකිරි සහ ලුණු මිශ්‍ර වතුරේ දමා තම්බන්න. එහි වතුර බේරා පසෙකින් තබන්න. කොටු කපාගත් අන්නාසි වලට සීනි මේස හැඳි 1 දමා ස්ටු කර එහි ඉස්ම පසෙකින් තබන්න. ඇපල් ගෙඩිය කොටු කපා අයිස් වතුරේ තබන්න.

සවර් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • අන්නාසි ස්ටු පැනිය
  • ඇපල් සයිඩ් විනාකිරි මේස හැඳි 1
  • කහපාට පැණි බීම තේ හැඳි 2
  • ලුණු ස්වල්පයක්
  • වතුර කෝප්ප බාගයක්

සාදන ක්‍රමය:

ඉහත සියල්ල බඳුනකට දමා උතුරුවන්න. උතුරන විට කෝන් ෆ්ලවර් තේ හැඳි 1 වතුරින් දියකර මිශ්‍රණයට දමන්න. එය තරමක් උකුවට සාදන්න. ඉස්සන් සමග කපාගත් ඇපල්, අන්නාසි, ස්ට්‍රෝබෙරි හැන්දෙන් මිශ්‍ර කරන්න. පිඟානක සලාද කොළ තබා ඒ මත ඉස්සන් මිශ්‍රණය දමා සාදා ගත් සෝස් එක දමන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles