උයද්දි මේ දේවල් අහක දාන්න එපා

එළවළු උයන විට එහි පෝෂණ වටිනාකම ගැන නිවැරදි අවබෝධයක් ඇතිව කටයුතු කිරීම දක්ෂ ගෘහනියකගේ වගකීමක්. ඒත් සමහර එළවළු වර්ගවල පෝෂණ වටිනාකම් කෙරෙහි හරියාකාරව අවධානය යොමු නොකිරීමෙන්  ශරීරයට හිතකර ඉතා වටිනා පෝෂණ ගුණ සහිත කොටස් අපට මඟහැරී යන අවස්ථා ඇතිවන්නට පුළුවනි. මේ ගැන දැනටමත් දන්නා අයට තවදුරටත් ඒ පෝෂණ වටිනාකම් ආරක්ෂා කරගනිමින් ආහාර පිළියෙල කරන්නටත්, නොදන්නා අයට මින්පසුව එළවළු පිළියෙල කරනවිට දී සැලකිලිමත් වෙන්නටත් මේ තොරතුරු නිසැකව ම වැදගත් වේවි.

අලුකෙසෙල් පොතු

අලුකෙසෙල් ව්‍යංජනය පිළියෙල කරන විට අලු කෙසෙල් ගෙඩියේ පොතු ඉවත් කිරීම සාමාන්‍යයෙන් අප කවුරුත් දන්නා කරුණක්. විටමින් ඒ සහ විටමින් සී අඩංගු අලුකෙසෙල් ගෙඩි මෙන් ම අලුකෙසෙල් පොතු ද රසවත් ව පිළියෙල කරගත හැකි ව්‍යංජනයක්. කෙසෙල් පොතු සිහින්ව ලියා පොල් දමා රසවත් මැල්ලුමක් සකස් කරගත හැකියි. එසේත් නැත්නම් උම්බලකඩ හෝ කූනිස්සන් එක්කරගනිමින් තෙල් ස්වල්පයකට දමා බැදුමක් ලෙස පිළියෙල කරගත හැකියි. මේ නිසා අලුකෙසෙල් පොතු ඊළඟ ආහාර වේලට හෝ එකතු කරගන්නට විසි නොකර තබාගැනීම ඉතා වැදගත්.

වම්බටු නටු

ඉස්සර ගැමියන් වම්බටු පිළියෙල කරනවිට නැටි ඉවත දැම්මේ නැහැ. වම්බොට්ටේ රස නැට්ටේ කියා කියමනක් පවා එදා ප්‍රචලිතව පැවතුණා. වම්බටුවල නැට්ට කොටසේ ෆයිබර්, විටමින් බී වැනි පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් වනවා. ඒ වගේ ම බැක්ටීරියා විනාශ කරන්නටත් ආමාශය ආශ්‍රිත රෝගවලින් සුවපත් වන්නටත් වම්බටු නැටි කදිම එළවළුවක්.

නිවිති දඬු

නිවිති පත්‍ර යකඩ බහුල ව අඩංගු එළවලුවක්. දඬු සහිත කොටස ඉක්මණින් තැම්බෙන්නේ නැති නිසා බොහෝ දෙනෙක් ඒ කොටස ඉවත්කර දමනවා. නමුත් ශරීරය නිරෝගීව තබාගන්නටත්, ශරීර ශක්තිය වැඩිකරන්නටත් නිවිති දඬුවෙහි යුෂ කදිම ඔසුවක්.  දඬු කොටස මඳක් තලා ව්‍යංජනයට හෝ පරිප්පු කරියකට මිශ්‍ර කරගත්විට ඉතා රසවත් ආහාරයක් බවට පත්වේවි.

වට්ටක්කා ඇට

වට්ටක්කා මැග්නීසියම් බහුල ව අඩංගු ආහාරයක්. හෘද රෝග, ඔස්ටියෝපොරෝසිස්, වැනි රෝගවලින් පීඩා විඳින අයට , යකඩ හා ප්‍රෝටීන් බහුල ව ඇති වට්ටක්කා ඇට කදිම ඔසුවක්. වට්ටක්කා සඳහා හාල් පොල් සුදුලූණු බැද අඹරා මිශ්‍ර කරනවිට වට්ටක්කා ඇට ටික ද එක්කරගන්නට ඔබත් පුරුදු වෙන්න.

රාබු කොල

විටමින් ඒ සහ කේ බහුල ව අඩංගු රාබු කොළ රාබු සමඟ  ම ආහාරයට ගත හැකි එළවළුවක්.‍ එසේ

බීට් රූට්

බීට් රූටි අල වගේ ම කොළ කදිම පෝෂණ ගුණ සහිත එළවළුවක්. කැල්සියම්, තන්තුමය ස්වභාවය,  විටමින් ඒ, සහ යකඩ බීට් රූට් කොළවල අන්තර්ගත වෙනවා. බීට්රූට් කොළ සලාදයක් වශයෙන් ආහාරයට ගන්නටත් හැකියි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles