විදුලිය ඉතිරි කර රයිස් කුකරයේ බත් උයමු

අද වෙනකොට නගරයේ වගේම ගම්බදවත් වැඩිපුරම විශේෂයෙන් උදේට බත උයා ගන්නේ රයිස් කුකරයේ. හැබැයි ඉතිං රයිස් කුකර් එකට ටිකක් වැඩිපුර විදුලිය වැය වෙනවා. මෙන්න මේ ක්‍රම ටික යොදා ගත්තොත් නම් විදුලිය පිරිමහලා බත උයා ගන්න පුලුවන් වේවි.

මෙහිදි වැදගත්ම දේ තමයි හාල් ඉදෙන්න තියන ජලය ප්‍රමාණය. වැඩිපුර වතුර තිබ්බොත් විදුලිය වැඩිපුර වැය වෙනවා. මේ නිසා හාල් මට්ටමේ ඉඳලා අගල් බාගයකට නොවැඩි වෙන විදහට වතුර තියන්න. අලුත් හාල් නම් ඊටත් ටිකක් අඩුවෙන් වතුර තියන්න.

දැන් රයිස් කුකර් එක ඔන් කරලා කුක් අවස්තාවට පත් කරන්න. කුක් අවස්තාවේ විනාඩි 8-10ක් පවතින කොට වතුර නටන්න ගන්නවා. එතකොට ස්විච් එක ඕෆ් කරලා රයිස් කුකර් එකේ පියන ඇරලා එහි මැද කොටස උඩට ඔසවන්න. එවිට රයිස් කුකර් එක වොර්ම් අවස්ථාවට වැටෙනවා. දැන් පියන වහලා මැද කොටස යළි නියමිත ස්ථානයේ තබන්න. ස්විච් එක යලිත් ඔන් කරලා විනාඩි 10-15 ක් වොර්ම් එකේ තියන්න.

ඉන් පසුව යලිත් කුක් අවස්ථාවට පත් කරන්න. එවිට ඉතා කෙටි වේලාවකින් යලිත් වොර්ම් අවස්තාවට පත්වේවි. මේ වනවිට බත හොඳින් ඉදිලා. වැඩිපුර විදුලියක් වැය වන කුක් අවස්තාවේ අඩුවෙන් තියලා වොර්ම් අවස්තාවේ වැඩි වෙලාවක් තැබුවාම රයිස් කුකරයෙන් පහසුවෙන් බතක් පිස ගන්න පුලුවන්.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles