වියළි සමෙන් මිදෙමු

වියළි සමක් කියන්නේ ශාරීරික වගේම මානසික වදයක්. සම වියළීම සමේ නිරෝගී භාවය වනසන්නත් මූලීක ලෙසම බලපානවා. මේ වදකාර වියළි සමෙන් මෙන්න මේ විදිහට මිදෙන්න පුළුවන්. යෝගට් කියන්නේ රසවත් ආහාරයක් වගේම සමට හොඳ ආලේපනයක්. යොගට් මුහුනේ, අත්වල වගේම පාදවලත් හොඳින් අලේප කරලා සම්භාහනය කරන්න. විනාඩි 10 ක් විතර මේ ප්‍රතිකර්මය කරලා ඊට පස්සේ සබන් වර්ගයක් භාවිතා නොකර හොඳින් සොදා හරින්න. හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න නම් මේ ප්‍රතිකර්මය දිනකට වරක් කරන්න ඕන.

ඒ වගේම සතියකට වරක් යොගට් එකට ගස්ලබු මදයෙන් ස්වල්පයක් මිශ්‍ර කරලා එයට මී පැණි හා ලෙමන් යුෂත් ස්වල්පයක් එකතු කරලා මේ මිශ්‍රනය සමේ ආලේප කරන්න. විනාඩි 10 ක් විතර තියලා මේ මිශ්‍රණය හොඳින් සොදා හැරීමෙනුත් සමේ වියළි බව නැති කර ගන්න පුළුවන්.

විටමින් ඊ අඩංගු අමන්ඩ් තෙල් සහ අලිගැට පේර තෙල් සමේ අලේප කිරීමෙනුත් සමේ තියෙන වියළි බව නැති කර ගන්න අවස්ථාව තියෙනවා.

ඒ වගේම තමයි වියළි සමක් තියෙන හැමෝම ස්නානය කල විගසම මොයිචරයිසර් අඩංගු ක්‍රීම් වර්ගයක් සමේ අලේප කරන්න ඕන. දිනකට අඩුම තරමේ වතුර වීදුරු අටක් වත් පානය කලොත් එයත් වියළි සමෙන් මිදෙන්න උදව්වක් වේවි. මුහුනේ තියෙන්නේ වියළි සමක් නම් සබන් භාවිතයෙන් අනිවාර්යයෙන් මිදෙන්න ඕන.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles