ප්‍රෙෂර් කුකර් එකේ තක්කාලී සෝස් හදමු

ප්‍රෙෂර් කුකර් එක නිසා ඉවුම් පිහුම් කටයුතු හරි පහසුවෙන් ඉක්මනට කර ගන්න හැකියාව තියෙනවා. බෙහෝවිට මේ උපකරණය යොදා ගෙන කරන්නේ ටිකක් ඝන දේවල් ඉක්මනින් තම්බා ගැනීමයි. හැබැයි මේ උපකරනය යොදා ගෙන රසට ගුණට පහසුවෙන් තක්කාලි සෝස් හදා ගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය : තක්කාලි, ළූණු, සුදු ළූණු , ගම්මිරිස් කුඩු, ලුණු ස්වල්පයක්.

සාදන ආකරය :

තක්කාලි ටික ලොකු භාජනයකට දමා අතින් හොඳින් පොඩිකර ගන්න. පසුව මේ මිශ්‍රණය හොඳින් පෙරා ගන්න. පසුව මිශ්‍රණය පැය 3ක් පමණ ශීතකරණයේ තබන්න.

ප්‍රෙෂර් කුකර් එක ලිප තබා එයට ඔලිව් ඔයිල් සහ බටර් ස්වල්පයක් දමා හොඳින් රත් කරන්න. මෙය හොඳින් රත්වන විට එයට පොඩිකර ගති සුදුළූණු එක් කරන්න. විනාඩි දෙකක් පමණ එය බැදෙන්නට හැර එයට ගම්මිරිස් කඩු ස්වල්පයක් ද එක්කරන්න.

පසුව මෙම මිශ්‍රණයට තක්කාලි, ළූණු ගම්මිරිස් කුඩු ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න.

දැන් ප්‍රෙෂර් කුකර් එක හොඳින් වසා විනාඩි 45 ක් පමණ සොස් එක පිස ගන්න.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles