අව්වට පිලිස්සුන සමට ප්‍රතිකාරයක්

0
1733

අව්ව නිසා හම අඳුරැ පැහැවෙන එක ප්‍රශ්ණයක්. නිතර අව්වට නිරාවරණය වන මුහුනේ අත්වල හම අව පැහැ ගැන්වීම සමහර වෙලාවට මානසික වදයක්. හැබැයි පුංචි පුංචි ක්‍රම කිහිපයක් මගින් මේ තත්ත්වයෙන් මිදෙන්න අවස්ථාව තියෙනවා.

ශීතකළ කිරි වල කපු පුළුන් කැබැල්ලක් පොඟවලා එය සමේ අව්වට පිලිස්සි අඳුරු වූ ස්ථානවල අලේප කරන්න. විනාඩි 2 -3 කට පසුව ශීත වතුරෙන් සෝදා හරින්න. මේ ක්‍රමය ටික දවසක් එක දිගට කරනවිට දුර්වර්ණ වුන සම යළි යථා තත්ත්වයට ගන්න අවස්ථාව තියෙනවා.

දුඹුරු සීනි, දෙහි පලුවක්, පොල්තෙල් ස්වල්පයක අරගෙන මේ සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. පසුව මිශ්‍රණය සමේ අව්වට පිලිස්සි ගිය ස්ථානවල ආලේප කර මද වේලාවකින් සීතල වතුරෙන් සෝදා හැරීම මගිනුත් සම යථා තත්ත්වයට ගන්න පුළුවන්.කෝමාරිකා කියන්නේ සමට තියෙන හොඳම ඖෂධයක්.

කොමාරිකා පිත්තක් දෙකට පළලා එහි මදය ආලේප කිරීමෙනුත් හම සුන්දර කර ගන්න පුළුවන්. ඒ වගේම කොමාරිකා මදය කෝප්ප කාලකට පිරිසිදු පොල්තෙල් කෝප්ප බාගයක් මිශ්‍ර කරලා මේ මිශ්‍රණය හොඳින් උකු වෙනතුරු මිශ්‍ර කරන්න. දැන් එය විනාඩි 20 ක් පමණ වීදුරු භාජනයක කාමර උෂ්ණත්වයේ තියලා පසුව අලේප කරන්න. මෙය දවසේ කුමන මොහොතක වුනත් ආලේප කරන්න පුළුවන් ආලේපනයක්.

– එරන්දතී –

Smart Relationship

සැමියාගේ ආදරය නොලැබීම නිසා වේදනාවට පත් බිරිඳක්.

Smart Relationship

සැමියාගේ ආදරය අඩු වූ නිසා අනියම් සබඳතාවයක් අරඹා ගැටලුවකට මැදිවූ බිරිඳ.

Smart Cooking

පාන්, ඉඳි ආප්ප කන්න වෙනස් රසකට බිත්තර කරි හදමු.

Lifestyle

බෙල්ල පිටුපස කුදු ස්වභාවය හෙවත් back neck hump නැති කරන ව්‍යායාම.

Film

කාන්තාවක් කියන්නේ නිවසේ මෙහෙකාරිය නෙවෙයි – The Great Indian Kitchen

Lifestyle

කොයිතරම් ඩයට් කරලත් බර අඩු වෙන්නෙ නැත්තේ මේ හේතු නිසයි

Smart Relationship

පුතාගේ ලිංගික ජීවිතයට පවා බාධා කල මවගේ අධික ආදරය හා බැඳීම.

Health

එල්ලා නොවැටුණු තරුණ පෙනුමැති මුහුණක් ලබා දෙන Face yoga exercises.

Lifestyle

ඇත්තටම බර අඩු වෙන්නේ දිවීමෙන් ද ඇවිදීමෙන් ද?