අව්වට පිලිස්සුණු සමට ප්‍රතිකාරයක්.

අව්ව නිසා හම අඳුරැ පැහැවෙන එක ප්‍රශ්ණයක්.නිතර අව්වට නිරාවරණය වන මුහුනේ අත්වල හම අව පැහැ ගැන්වීම සමහර වෙලාවට මානසික වදයක්. හැබැයි පුංචි පුංචි ක්‍රම කිහිපයක් මගින් මේ තත්ත්වයෙන් මිදෙන්න අවස්ථාව තියෙනවා.අද අපි කියන්නේ ඒ වගේ සරල ක්‍රම කිහිපයක් ගැන.

ශිත කළ කිරි සත්කාරය.

  • ශීතකළ කිරි වල කපු පුළුන් කැබැල්ලක් පොඟවලා එය සමේ අව්වට පිලිස්සි අඳුරු වූ ස්ථානවල අලේප කරන්න.
  • විනාඩි 2 -3 කට පසුව ශීත වතුරෙන් සෝදා හරින්න.
  • මේ ක්‍රමය ටික දවසක් එක දිගට කරනවිට දුර්වර්ණ වුන සම යළි යථා තත්ත්වයට ගන්න අවස්ථාව තියෙනවා.

දුඹුරු සීනි සත්කාරය

  • දුඹුරු සීනි, දෙහි පලුවක්, පොල්තෙල් ස්වල්පයක් අරගෙන මේ සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.
  • පසුව මිශ්‍රණය සමේ අව්වට පිලිස්සි ගිය ස්ථානවල ආලේප කර මද වේලාවකින්
  • සීතල වතුරෙන් සෝදා හැරීම මගිනුත් සම යථා තත්ත්වයට ගන්න පුළුවන්.

කෝමාරිකා සත්කාරය

කොමාරිකා පිත්තක් දෙකට පළලා එහි මදය ආලේප කිරීමෙනුත් හම සුන්දර කර ගන්න පුළුවන්. ඒ වගේම කොමාරිකා මදය කෝප්ප කාලකට පිරිසිදු පොල්තෙල් කෝප්ප බාගයක් මිශ්‍ර කරලා මේ මිශ්‍රණය හොඳින් උකු වෙනතුරු මිශ්‍ර කරන්න. දැන් එය විනාඩි 20 ක් පමණ වීදුරු භාජනයක කාමර උෂ්ණත්වයේ තියලා පසුව අලේප කරන්න. මෙය දවසේ කුමන මොහොතක වුනත් ආලේප කරන්න පුළුවන් ආලේපනයක්.

Related Articles

Don't Miss


Latest Articles