වැඩි නින්ද ලෙඩ ගොඩක ආරම්භයක්…

දිනපතා හොඳ නින්දක් නැතිනම් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම යහපත් ශරීර සෞඛ්‍යකට අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් වැඩිපුර නිදාගන්න එකත් ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. බොහෝ වෙලාවක් නිදා ගැනීමෙන් හදවතේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න බලපානවා. මේ නිසා අධික ලෙස නිදා ගන්න අයට හෘද රෝග ඇති වීමේ අවදානම වැඩියි.

ඒ වගේම තමයි ශරීරය අධික ලෙස තරබාරු වෙන්නත් අධික නින්ද බලපානවා. මොකද නිදා ගෙන ඉන්න වෙලාව වැඩි වුනාම ශරීරය අක්‍රීයව තියෙන වෙලාව වැඩියි. මේ නිසා සිරුරෙ කැලරී ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා සිරුර මහත් වෙනවා.

නින්ද වැඩි වෙන විට ශරීරයේ නිපදවෙන සීනී ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා දියවැඩියාව වැළඳීමේ අවදානමත් ඉහළ යනවා. දිගු නින්දක් ලබන අයට ශරීර ක්‍රියාකාරකම් අඩු වෙනවා මේ නිසා නිකම්ම උදාසීන බව වැඩි වෙනවා.

අධික ලෙස නිදා ගන්න පුද්ගලයින්ගේ මොලය හරි ඉක්මනට වයසට යනවා. මොළයේ ව්‍යුහය වෙනස් වෙලා මෙය ඥානීය ක්‍රියාවලියටත් බලපානවා. ඒ වගේම තමයි අධික ලෙස නිදා ගන්න අයට වැළඳෙන තවත් රෝගයක් තමයි හිසරදය. මොලයේ ස්නායු වලට අධික නින්ද කරන බලපෑම හේතුවෙන් මේ තත්ත්වය ඇති වෙනවා.

ඒ වගේම තමයි කොන්ද වේදනාවත් අධික නින්ද නිසා ඇතිවෙන තවත් රෝගයක්. මේ සියල්ලම එකතු වුනාම අධික නින්ද ආයු කාළය අඩු කරනවා.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles