මොනවද මේ ෆින්ගර් ෆුඩ්ස් කියන්නේ?

මේ දිනවල උත්සව අවස්ථාවලදී ෆින්ගර් ෆුඩ්ස් (Finger foods) කියන යෙදුම නිතරම ඇසෙනවා. නමුත් ඇත්තෙන්ම මොනවද මේ ෆින්ගර් ෆුඩ්ස් කියන්නේ?

ෆින්ගර් ෆුඩ්ස් යන්නෙහි සාමාන්‍ය අර්ථය වනුයේ හැන්දක්, ගෑරප්පුවක්, පිහියක්, චොප්ස්ටික් හෝ වෙනත් එවැනි උපකරණයක් භාවිතා නොකර අත්/ඇඟිලි භාවිතයෙන් පමණක් ආහාරයට ගන්නා ආහාර යන්නයි. නමුත් වර්තමාන බටහිර ලෝකය තුළ ෆින්ගර් ෆුඩ්ස් යනු බොහෝ විට ආහාර රුචිය වඩන කෑම (Appetizers), මූලික කෑම (Entrée) හෝ ප්‍රධාන ආහාරයේ (Main Course) අංගයන් විය හැක. තේ පානය සඳහා ද ෆින්ගර් ෆුඩ්ස් පිළිගැන්වේ. බටහිර ලෝකයේ සාමාන්‍යයෙන් පිළිගත් ඇගිලි ආහාර වල උදාහරණ වන්නේ මස් දැමූ කුඩා පස්තෑල වර්ග (Pie), සොසේජ් රෝල්ස්, කූරු මත ඇමිණූ සොසේජ්, කූරු මත ඇමිණූ චීස් සහ ඔලිව්, චිකන් ඩ්රම්ස්ටික්ස් හෝ විනග්ස්, පින් වීල්ස්, කුඩා කීව්ස්, සමෝසා, සැන්ඩ්විචස්,  බනිස්, බැදපු අර්තාපල් කැබලි, රිසෝටෝ බෝල වැනි තවත් එවැනි කුඩා ආහාර අයිතමයන්ය.

සාමාන්‍ය ආහාර අතුරින් බර්ගර්, පීසා, හොට් ඩෝග්ස්, පළතුරු සහ පාන් ද මෙම ගනයට ගැණේ.  කුකීස්, පේස්ට්‍රීස්, අයිස් ක්‍රීම් හෝ අයිස් පොප් වැනි අතුරුපස වර්ග නිතරම අත් වලින් ආහාරයට ගන්නා නමුත් සාමාන්‍යයෙන් ෆින්ගර් ෆුඩ්ස් ලෙස සලකනු නොලැබේ.

බටහිර රටවල බොහෝ විට මංගල උත්සව, උපන් දින සහ අනෙකුත් උත්සව සඳහා ෆින්ගර් ෆුඩ්ස් සපයනු ලැබේ. අඩු මිල නිසාත් පිළිගැන්වීමේ පහසුව නිසාත් ෆින්ගර් ෆුඩ්ස් වඩාත් ජනප්‍රිය වෙමන් පවතියි.

ලංකාවේ ද උත්සව අවස්ථාවලදී නිතර දකින්න ලැබෙන අංගයක් වේ. ක්‍රැකර්ස්, චොකලට් වර්ග, චීස්, බැදපු මාලු වර්ග, තම්බපු එළවලු, පලතුරු වර්ග, බැටර් කරපු දැල්ලො/ ඉස්සො, කුඩා පේස්ට්‍රි (Mini Pastry) සහ ගැලපෙන නොයෙක් සෝස් වර්ග, ඩිප්ස් (Dips) මෙහදී දක්නට ලැබේ.  නිවසේ පවත්වන උත්සව අවස්ථාවලදී මේ වගේ ෆින්ගර් ෆුඩ්ස් ටිකක් පිළිගැන්විය හැකි නම් ලස්සන වෙනසක් පාටි එකට එක් කරගන්න පුළුවන්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles