බිය නැතිව ගුවනින් ගමනක් යමු

බොහෝ දෙනෙක් ගුවන් ගමන්වල යෙදෙන්න දක්වන්නේ බියක්. විශේෂයෙන් කාන්තා පාර්ශවය ගුවන් ගමන් සඳහා වැඩි බියක් දක්වනවා. තමන් ගමන් කරන ගුවන් යානය අනතුරකට ලක්වේ යැයි යන බිය නිරන්තරයෙන් සිතට වදදීම මෙයට හේතුවක්.

හැබැයි මෙන්න මේ විදිහට හිතුවොත් ඒ බිය නැතිකර ගෙන තමන්ගේ ගමන පහසුවෙන් විනෝදයෙන් යන්න පුළුවන් වේවී. ගුවන් ගමනට සතියකට පමණ පෙර සිටම භාවනාවක් වගේ සිත සැහැල්ලු වෙන සිත එක්තැන් වෙන දෙයකට යොමුවෙන්න. ගුවන් යානයේ ඇති ආරක්ෂාව පිලිබඳව ඇති පොත් පත් සටහන් ආදිය හොඳින් පරිශීලනය කරන්න. එවිට එහි ඇති ඉහළ ආරක්ෂක ක්‍රමවේදය ගැන හොඳින්ම අවබෝධ කර ගන්න පුළුවන්. ගුවන් නියමුවා පිළිබඳව සිතන්න. ඔහු අත්දැකීම් බහුල දක්ෂ අයෙක් වග නිතර මතක තබා ගන්න. මේවා සිත සැහැල්ලු කර ගන්න ප්‍රයෝජනවත් වේවි.

ගුවන් ගමන ආරම්භ කිරීමට පෙර තම ආසනයේ හිඳගෙන හොඳින් හුස්ම ගන්න. ඒ හරහා සිතට දැනෙන ආතතිය මදක් දුරු කර ගන්න පුළුවන්. ගමන අතරතුර ගීත ආදිය ශ්‍රවණය කිරීමෙන් හා තමන් කැමති ආකාරයේ ආහාර ගැනීමෙන් මනස වෙනස් කර ගන්න. ආතතිය දුරු කිරීමට උපකාරීවන ආකාරයේ පාන වර්ග පානය කරන්න.

මේ හරහා සැහැල්ලුවෙන් ගුවන් ගමන නිමා කරන්න අවස්ථාව උදාවේවි.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles