හැකි තරම් ජලය පානය කර නිරෝගී වෙමු

ජලය කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක්. පිපාසය නිවා ගන්න පමණක් නොවේ ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමටත් ජලය වැදගත් සාධකයක්. දිනකට සාමාන්‍යෙයන් අපි වතුර ලීටර් 1.5 ක් වත් පානය කරන්න ඕන. නිසි පරිදි ප්‍රමාණවත් ආකාරයට ජලය පානය නොකෙරුවොත් ඇතැම්විට එය ජීවිත අවධනාමකටත් හේතුවක් වෙන්න පුළුවන්.

නිසි පරිදි ජලය පරිබෝජනය නොකරන්නේ නම් සම වියළී ඉක්මනින් රැළි වැටීම, නිරන්තරයෙන් පිපාසය දැනීම, මුත්‍රා පිටවීම අඩු වී මුත්‍රා අධික කහ පැහැයක් ගැනීම, ශරීරය විජලනයට පත් වී නොයෙක් අබාධවලට මුහුණ දීමට සිදුවිය හැකියි. සාමාන්‍යෙයන් නම් දහවල් 12ට පෙර ජල කෝප්ප 6 ක් වත් පානය කළ යුතුයි. කුඩා දරුවෙක් වුනත් දිනකට ජල කෝප්ප 6 ක් පමණ පානය කලොත් ශරීර සෞඛ්‍යයට හරිම වැදගත්.

බොහෝවිට ඕනෑම අයෙක් ජලය පානය කරන්නේ තමන්ට පිපාසයක් දැනුන විටයි. එහෙත් සිදුවිය යුත්තේ පිපාසය දැනීමට පෙරම ජලය පානය කිරීමයි. මේ නිසා අධික තිබහක් එන්න පෙර ජලය පානය කරන එක පුරුද්දක් කර ගත්තොත් එය යහපත් ශරීර සෞඛ්‍යයකට වැදගත්.

හැබැයි ජලය අලෙවි කිරීමට තියලා තියෙන ප්ලාස්ටික් බෝතල් වල යළි යළිත් ජලය පුරවලා පානය කරනවා නම් එය හොඳ දෙයක් නෙමෙයි. මේ නිසා ජලය ගබඩා කරලා තියාගන්න සුදුසු ප්‍රමිතියෙන් යුතු බෝතල් පාවිච්චි කරන්න.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles