ඔබට ගැලපෙනම ඩෙනිම් ජීන්ස් තෝරා ගන්නට මේ කරුණු 5 දැනගන්න

අද කාලයේ ඩෙනිම් ජීන්ස්  කලිසම් අඳින්නේ නැති ගැහැණු ළමයෙක් නැති තරම්. කල් පැවැත්ම, භාවිතයේ පහසුව, අලංකාර විලාසිතා, සරල බව වැනි කාරණා නිසා කා අතරත්  ඉතාමත් ජනප්‍රිය ඇඳුමක් තමයි ඩෙනිම. නමුත් නිවැරදිම ඩෙනිම් ජීන්ස් තෝරා ගැනීම බොහෝ දෙනාට ගැටලුවක්. මේ පුංචි කාරණා 5 මතක තියගෙනම ඩෙනිම් ජීන්ස් තෝරා ගන්න.

ඩෙනිම් ජීන්ස් වර්ගය ඔබේ ශරීර හැඩයට හරියටම ගැලපෙනවාද?

ඩෙනිම් මිලදී ගැනීමේදී ශරීර හැඩය (body shape) මොන වගේද තමන්ට ගැලපෙන්නේ මොන වගේ ජීන්ස් වර්ගද කියන එක ගැන මෙන්ම ඔබට ගැලපෙනුයේ Slim fit, slim cut, regular, stretched ආදී ඩෙනිම් ජීන්ස් වර්ග මෙන්ම High හෝ low-waisted ජීන්ස් වර්ග ද යන්න පිළිබඳ අවබෝධය ඉතා වැදගත්.

රෙදි වර්ග සහ සහ පාට ගැන අවබෝධය

විධල වර්ණ සහ නිමාවන්ගෙන් යුක්ත නව ඩෙනිම් ජීන්ස් වෙළඳපලේ පවතියි. ෆැබ්රික්   එකේ කල් පැවැත්ම, එහි Wash එක ගැන මෙන්ම වර්ණ වල කල් පැවැත්ම ගැන පරීක්ෂා කර බලන්න.

අවස්ථාව

ඩෙනිම් එක සාමාන්‍ය ගමනට බිමනට මෙන්ම රාජකාරී කටයුතු හෝ උත්සව සඳහා භාවිතා කල හැකියි. එම්බ්‍රොයිඩර් කරන ලද  මෙන්ම විලාසිතා හැඩ හෝ  විවිධ වර්ණවල මෙන්ම Ripped වර්ගයේ ඩෙනිම් විලාසිතා තෝරා ගැනීමෙන් ඩෙනිම් එක භාවිතා කල හැකි අවස්ථා සීමා වේ.

ඇඳල බලන්න

ඩෙනිම් එකේ පෙනුම, හැඩය වගේම සුවපහසුව ගැනත් අවධානය යොමු කල යුතු අතර අනිවාර්යයෙන්ම fit on කර බලන්න. අනෙක් අය ඉස්සරහක් කැපිලා පෙනෙන පෙනුමක් ඩෙනිමක් ජීන්ස් වලින් ලබා ගත හැක. එනිසා ගතට වගේම හිතට ද සරිලනවා නම් පමණක් මිල දී ගන්න.

මිල

අතේ ඇති මුදලට සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ ඩෙනිමක් රුපියල් 2000 සිට ඉහළට මිලදී ගත හැකියි. ඔබට තරමක මුදලක් වැය කර බ්‍රෑන්ඩඩ් හෝ ඩිසයිනර් ඩෙනිම් සඳහා ආයෝජනය කල හැකි නම් තරමක් කල් පවතින ඩෙනිම් ලබා ගත හැකියි.

ඩෙනිම් ජීන්ස් අදටත් ලෝකයේ ඉතාමත් ප‍්‍රායෝගික ඇඟලූමක් මෙන්ම වෙනස් නොවන ගෝලීය විලාසිතා රැල්ලක්. එනිසා හොඳින් සිතා මතා ගැලපෙන ඩෙනිම් ජීන්ස් ලබා ගැනීම ඉතා හොඳ ආයෝජනයක් වනවා නිසැකයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles