නවීන පන්නයේ සරළ Nail Art එකක් නිර්මාණය කරමු

කාන්තාවන් සෑමවිටම නවීන මෝස්තර වලින් නියපොතු අලංකාරව පවත්වාගන්න ඉතාමත්ම කැමතියි. සැලූන් එකට නෙගොසින් ගෙදරදීම ලස්සන එකක් උත්සාහ කිරීමට මෙන්ම වෙනස්ම ආකාරයේ එකකට කැමති ඔබට ගැලපෙන මෙම ගලා හැලෙ අයුරින් නිර්මාණය කරන ලද නිය අලංකරණ මෝස්තරය (Dripping Paint Nail Art) හොඳින්ම ගැලපේවි.

Dripping Paint Nail Art එක නිර්මාණය කරන ආකාරය :

  • පළමුවෙන්ම ඔබගේ ස්වභාවික නියපොතු ආරක්ෂා කර ගැනීම සඳහා මූලික ආවරණ නිය ආලේපනය base coat ආලේප කරන්න.
  • ඔබේ නියපොතු වල ලා රෝස පැහැති නිය ආලේපනය shear pink ආලේප කරන්න.
  • ඊළඟට, නියපොතු මත matte top coat එක ආලේප කරන්න.
  • Dotting මෙවලමක් හෝ පැන්සල් තුඩක් ආධාරයෙන් නියපොත්තේ පහළ කෙළවරේ දිගු තිත් තුනක් තබා ගන්න.
  • මීළඟට තිත් අතර මැද ඇති හිස් අවකාශයන් පුරවාගන්න. මේ සඳහා කුඩා doting මෙවලමක් භාවිතා කරන්න.
  • අවසාන වශයෙන්, නිර්මාණය කරගත් තිත් පමණක් වැසෙන සේ සාමාන්‍ය top coat එකක් ආලේප කරන්න. මෙයින් matte top coat එකට ප්‍රතිවිරුද්ධ පෙනුමක් ඇති කර wet look illusion එකක් ඇති කරයි.

තද වර්ණ පමණක් නොව පැස්ටල් නිය වර්ණ (pastel nail polish) හෝ දිළිසෙන වර්ණ ද (glitter nail polish) යොදාගෙන මෙම අලංකාර Nail Art එක නිර්මාණය කළ හැක. උත්සව අවස්ථාවක් සඳහා ඇඳුමේ වර්ණ සමඟ ගලපා ගැනීමෙන් වැඩි අලංකාරයක් ලබා ගත හැක. විවේකී වේලාවක අනිවාර්යයෙන්ම මේ ලස්සන Nail Art එක අනිවාර්යයෙන්ම නිර්මාණය කර බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles