කේන්තිය පාලනය කරගන්න දරුවන්ට කියාදෙන්න

මගේ පුතාගේ වයස අවුරුදු හයක්. එයා පුංචි දේටත් හුඟක් කලබල වෙනවා. කේන්ති ගන්නවා. ඒ වෙලාවට එයාට එයාව පාලනය කරගන්න කොහොමටවත් බැහැ. එයා ආස කරන දෙයක් දැක්කොත් ඒ වෙලාවෙම එයාට ඒක ඕනේ. කේන්ති ගියාම සමහර වෙලාවට එයා ඛෙරිහන් දෙනවා. දරුවා මේ විදිහට හැසිරෙන එක සාමාන්‍ය දෙයක්දලොකු වෙද්දී මේ ගතිය ඇරිලා යයිදතමාව පාලනය කරන විදිහ දැන් ඉඳලාම එයාට කියලා දෙන්න වෙයිද?’කේන්ති යන එක ලෙඩක් ද… එක අම්මා කෙනෙක් උපදේශන සේවා ආයතනයකට ගිහින් මේ ප්‍රශ්නය ඇහුවා. හුඟක් අම්මලාට මේ ප්‍රශ්නය පොදුයි. කේන්තිය පාලනය කරගන්න පුංචි දරුවන්ට කියාදෙන්නෙ කොහොම ද? …”

දැනගන්න ඕන දේ

පුංචි කාලෙ පටන් ම තමාව පාලනය කරගන්න දරුවන්ට කියලා දුන්නේ නැත්නම් පාඩුව දරුවාටයි. දරුවෙක් ලබාගන්න අත්දැකීම්වලින් මොළයේ ස්නායු අතර තියෙන සම්බන්ධක වර්ධනය වෙනවා කියලා සමීක්ෂකයන් විශ්වාස කරනවා. ආචාර්ය ඩෑන් කින්ඩ්ලන් කියන සමාජ පර්යේෂකයා මෙහෙම කියනවා. පුංචි කාලයේ සිට ම දරුවා ඉල්ලන හැම දේම දෙනවා නම් ඒ වගේම තමන්ගේ වාරේ එන කල් ඉන්නතමන් ආස කරන දෙයක් ලැඛෙන කල් කාලයක් බලන් ඉන්න සහ වැරදි පෙලඹවීම් ප්‍රතික්ෂේප කරන්න ඉගැන්නුවේ  නැත්නම් අනාගතයේ දී දරුවා මානසිකව ශක්තිමත් වෙයි කියලා හිතන්න බැහැ.

මොනවද කරන්න පුළුවන්?

දෙමව්පියන් හැටියට හැකිතාක් දරුවන්ට ආදර්ශවත් වෙන්න. ඔබ  ඔබව ම පාලනය කරගන්න කෙනෙක්දවාහන තදබදයකට අහු වුණාම කේන්ති යනවාද?පෝළිම් පනිනවාදඅනිත් අය කතා කරද්දී මැදට පැනලා ඒකට බාධා කරනවාදදරුවන්ට තමාව පාලනය කරගන්න උගන්වන්න පුළුවන් හොඳම විදිහ තමයි අපේ ආදර්ශය. දරුවන්ට කේන්ති ගැනීමේ පාඩම කියාදෙන්නේ ඔබ නොදැනුවත් ව ම ඔබ විසින් ම නම් එය වහා ම වළක්වාගත යුතුමයි.

ප්‍රතිඵල ගැන කියා දෙන්න

ආවේග පාලනය කරගන්න විදිහ අනුව හොඳ හෝ නරක ප්‍රතිඵල විඳින්න වෙන බව දරුවාට තේරෙන විදිහට කියලා දෙන්න. උදාහරණයකට කෙනෙක් කරපු දෙයක් නිසා දරුවාට කේන්ති ගිහිල්ලා නම් මෙහෙම හිතලා ඒක නැති කරගන්න උදව් කරන්න. පළිගත්තොත් හරි යයිද නැත්නම් හිත් රිදෙයිදඊට වඩා හොඳ වෙන ක්‍රමයක් නැද්දඋදාහරණයකට එකේ ඉඳන් දහයට ගණින එක නැත්නම් එතැනින් අයින් වෙන එක උදව් විය හැකියි.

අගය කරන්න

දරුවා තමාව පාලනය කරගන්නා අවස්ථාවලදී ඒක අගය කරන්න. හැම තිස්සෙම තමාව පාලනය කරගන්න එක ලේසි නැති වුණත් ඒක කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා කියලා දරුවාට කියලා දෙන්න. ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුටත් වඩා ශක්තිමත්බව හිතෝපදේශයේත් සඳහන් වෙනවා.

පෙරහුරු කරන්න

ප්‍රශ්නයක් විසඳන හරි විදිහත්’ ‘වැරදි විදිහත්’ ගැන දරුවා එක්ක කතා කරන්න. ඒක රඟ දක්වන්නත් පුළුවන්. පින්තූරපුංචි රූකඩ වගේ දේවල් අරගෙන දරුවාට ආස හිතෙන විදිහට ඒක කරන්න. තමාව පාලනය කරගන්න එක කේන්ති ගන්නවාට වඩා හොඳයි කියලා කාවද්දන්න උත්සාහ කරන්න

ඉවසන්න

දරුවෙක් දවසෙන් දෙකෙන් තමාව පාලනය කරගන්න ඉගෙනගනියි කියලා හිතන්න එපා. දරුවෙක් යමකට පුහුණු කරන එක දිගු කාලීන කටයුත්තක්. ඒක ඔබට අවශ්‍ය වේගයෙන් වෙන්නේ නැහැ. සමහර වෙලාවට දරුවා එකවර ම අසමත් වෙයි. ඒත් තමාව පාලනය කරගන්න දරුවෙක්ට කිසියම් කාලයක් තුළ හැඩගැසෙන්නට හැකිවේවි. එතෙක් ඔබේ ඉවසීම රඳවාගැනීමත්, දරුවාට නිරන්තර අවධානය සහ රැකවරණයත් ආදරයත් නොඅඩුව ලබාදීමත් අතිශයින් ම වැදගත්.

දරුවන්ගේ නොමේරූ සියුම් සිතිවිලි හසුරුවන්නට නිවැරදි මඟ පෙන්වීම ඔබ ලබාදිය යුතුමයි. දෙමව්පියන් හැටියට ආදර්ශවත් ව ඔවුන් තුළ ඔබ කෙරෙහි විශ්වාසය තහවුරු වන ආකාරයට කටයුතු කිරීමෙන් බොහෝ දරුවන් සන්සුන් සවන්දෙන්නන් බවට පත්කළ හැකියි. කේන්ති පාලනය කරන්නට අවශ්‍ය හොඳම පසුබිම ඔබට එතැන් සිට නිර්මාණය කරගන්නට හැකිවේවි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles