Saree jacket එක හරියට මහලද?

සාරි ජැකට් එක මැහුවට පස්සේ එය ඇඟට හරියන විදිහට නැත්නම් සිතට දැනෙන්ණේ පසුතැවිල්ලක්. සාරියේ ලස්සනත් හැඩයත් මතුවී පෙනෙන්නට නම් සාරි හැට්ටය ඇඟට ගැලපෙන ලෙස තිබිය යුතුයි. නැතහොත් සාරියේ අලංකාරය මතු වන්නේ නැහැ. එනිසාම සාරි හැට්ටය නිර්මාණය කරගැනීමේදී මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වන්න.

Saree jacket එක සැකසීමට ප්‍රථමයෙන් තම සිරුරේ හැඩය ගැන අවබෝධයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම හැට්ටයට විලාසිතාවක් නිර්මාණය කිරීමට ප්‍රථමයෙන් එම මෝස්තරය තමන්ගේ සිරුරේ ස්වභාවයට අනුව ගැළපෙනවා ද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි. සෑම Saree jacket විලාසිතාවක්ම සෑම දෙනාටම එක සේ නොගැළපෙන නිසා හැට්ටයක් නිර්මාණය කරගැනීමේදී තමන්ගේ ශරීරයේ උස, මහත, පෙනුම, වයසට, අවස්ථාවට මෙන්ම සාරියට ද ගැළපෙන සේ සකසා ගැනීමට සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්.

සිහින් සිරුරකින් යුත් අයෙකුට හැට්ටයේ කර පළල් කළවිට තවත් වැඩිපුර කෙට්ටු කර පෙන් වන නිසා  කර එතරම් ගැඹුරු නොවූ විලාසිතාවක් තෝරා ගත හැකිය. මඳක් රැලි දැමූ අතක් යෙදීමෙන් පිරිපුන් බවක් ගෙන දෙන අතර හැට්ට අත කොටට යෙදීම සුදුසුයි. විලාසිතාව ද සුදුසුයි. පිරිපුන් සිරුරක් හිමි අයෙකුට පළලින් වැඩි නොවූ කරක් සහ ගැඹුරු නොවූ කරක් සුදුසු වන අතර සුළු ප්‍රමාණයක් රැලි යොදා කොටට යෙදූ අත් සහ අතර වැලමිට දක්වා යෙදු අත වැඩි අලංකාරයක් ගෙන දෙයි. බ්‍රාකට් අසලට වෙල්බෝන් යොදා ගැනීමෙන් වඩාත් හොඳින් ශරීරයේ හැඩය මතුකර ගත හැකියි. එසේම වෙල්බෝන් යෙදීමෙන් සහ හැට්ටය දිගට මසා ගැනීමෙන් හැට්ටය උඩට හැකිළී ඒම ද වළක්වා ගත හැක. සාමාන්‍ය සිරුරක් හිමි කාන්තාවකට ඕනෑම විලාසිතාවක් සුදුසු අතර හයිනෙක් හැට්ට පිටුපස ලේස් කල හැට්ය, ගැඹුරු කරක් යෙදූ හැට්ට, ඕෆ්ෂෝල්ඩර් හෝ පටි යෙදු හැට්ට, කරපටිය සහිත හැට්ට, අත් නොමැති හැට්ට සහ Tube jacket ආදිය ද සුදුසු ලෙස නිර්මාණය කරගත හැක.

Saree jacket එක මනාව නිම කර තිබීම මෙන්ම ශරීරයට සුවපහසු වීමත් ඉතා වැදගත්. තම සිරුරේ ස්වභාවයට අනුව ගැළපෙන විලාසිතාව තෝරා ගනිමින් සාරි හැට්ටය නිර්මාණය කරගැනීමට සැලකිලිමත් වීමෙන් තමන්ගේ ලස්සන වගේම පෞරුෂත්වය වඩාත් ඹප් නංවාගන්නට අනිවාර්යයෙන්ම හැකිවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles