පුංචි ඉඩක් තුළ ලස්සන සාදයක් පවත්වමු

කුඩා ඉඩක් තුලදී දී සාදයක්/උත්සවයක් පැවැත්වීම ගැටළුවක් කර ගත යුතු නැහැ. මේ සඳහා හොඳම විසඳුම තිබෙන අවකාශය උපරිම ආකාරයෙන් භාවිතා කිරීමයි. මේ ඒ සඳහා පුංචි ටිප්ස් ටිකක්-

සාදයක් සැලසුම් කිරීමේදී එහි තේමාව, ආහාර සහ බීම, ආසන පැනවීම ආදී කරුණු ගණනාවක් සැලකිය යුතුව තිබේ. ඔබේ නිවසේ ඉඩකඩ ඇති අයුරු ගැන අවබෝධයකින් යුතුව මෙම කරුණු සලකා බලන්න. අමුත්තන් කී දෙනෙකු හට ආරාධනා කරණවාද යන්න පළමුවෙන්ම තීරණය කරන්න.

ඔබේ නිවසේ ඇතිසාදාගෙන යන තට්ටුවක් හෝ ගෙවත්තක්, අමතර  ඉඩකඩක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකිය. ඔබට ගරාජයක් තිබේ නම් එය හොඳින් පිරිසිදු කර සැරසීමට හැකිය.අ අමුත්තන් සඳහා පුටු සංඛ්‍යාව නිවැරදිවම තිබීම ගැන කරදර නොවන්න. උස් බිම් කණ්ඩි ආදිය කුෂන්, කාර්පට් හා පැදුරු ආදිය යොදා අමුත්තන්ට අසුන් ගැනීම සඳහා සකසා ගත හැකියි. සැරසිලි සඳහා බිත්ති සහ සිවිලිම භාවිතා කිරීම තුළින් තමන් සිටිනුයේ කුඩා අවකාශයකය යන්න අමුත්තන් අමතක කරවීමට උපකාරී වනු ඇත.

ඔබ බුෆේ ආකාරයට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීමට යන්නේ නම්, පහසුවෙන්ම ළඟා විය හැකි සහ වඩාත්ම ඉඩ සහිත කාමරය ඒ සඳහා යොදාගෙන ඇති බවට වග බලා ගන්න.
එසේම, හැකි නම්, අතුරුපස සඳහා වෙනම තැනක් යොදා ගැනීමෙන් තදබදයක් ඇතිවීම වළකා ගත හැක. සරල, කුඩා මෙනුවකට අනුව ආහාර සහ බීම වර්ග සකසා ගැනීමෙන් අඩු ඉඩක් තුල ආහාර පිළිගැන්වීම පහසු කර ගත හැකිය.

කුඩා නිවසක සාදයක් පැවැත්වීම අනිවාර්යයෙන්ම අභියෝගාත්මක විය හැකිය. ඔබගේ නිර්මාණශීලීත්වය සහ මනා කළමණාකරණය තුලින් අනිවාර්යයෙන්ම එම අභියෝගය  ජයගත හැකිය.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles