ට්‍රිප් යන අය සැලකිලිමත් වෙන්න ඕන කරුණු 10ක්

විනෝද චාරිකාවක් යන වෙලාවක දි හිතේ සැහැල්ලුව සතුට එකදිගට ම පවත්වාගන්නට නම් සංවිධානාත්මකව සැලසුම්සහගත ව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කර නොගෙන, කාලය නිකරුණේ නාස්ති කර නොගෙන, මානසික පීඩනයක් ඇති කර නොගෙන, විනෝද චාරිකාව සැලසුම් කරගැනීමට මෙහි දී ඔබ සමත් විය යුතුයි. ඒ වෙනුවෙන් ඔබ මේ කරුණු කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේවි.

  • චාරිකාව සම්බන්ධ ව පිරික්සුම් සටහනක් නිර්මාණය කරගන්න
  • ඔබ සංචාරය කරන්නට සූදානම් ස්ථානවල මින් පෙර චාරිකාවේ යෙදී ඇති මිතුරන් සොයාගන්න. තොරතුරුවලින් දැනුවත් වෙන්න.
  • පිටත්වීමට පෙරදා වනවිට සියලු ඇසුරුම් අවසන් කරන්න
  • වැදගත් ලියකියවිලිවල පිටපත් කිහිපයක් තබාගන්න
  • වතුර බෝතලයක් නිරන්තර ව පරිහරණයට ගත හැකි පරිදි තබාගන්න
  • ඔබේ ජංගම දුරකථන, ටැබ්, කැමරා, ආදී උපාංග නිරන්තරයෙන් චාර්ජ් කොට තබාගන්න
  • කල්වේලා ඇතිව අදාළ ස්ථාන වෙත යන්න
  • හදිසි අවශ්‍යතා සඳහා මුහුණ දිය හැකි පරිදි වෙන ම මුදලක් සූදානම් ව තබාගන්න
  • අන්තර්ජාල පහසුකම් නොමැති තැන්වල දී පරිහරණයට ගත හැකි පරිදි ඔබේ සංචාරක ස්ථාන සම්බන්ධ සිතියම් සහ දුර ප්‍රමාණයන්, සංචාරක තොරතුරු සූදානම් කර තබාගන්න.
  • ඉතා වැදගත් ස්ථානවල ඡායාරූප සහ තොරතුරු එකතු කරගන්න.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles