උණුසුම් දවස සිසිල් කරන පිපිඤ්ඤා සැන්විච්

පිපිඤ්ඤා  කියන්නේ ඉතාමත්ම ගුණදායක ඒ වගේම ශරීරය සිසිල් කරන ආහාරයක්. ඉතින් ග්‍රීෂ්ම දවසක සැන්දෑවකට පවුලේ අය සමග රස විඳින්නට හැකි පිපිඤ්ඤා සැන්ඩ්විච් ඔබේ ශරීරයට සිසිලසක් එකතු කරනවා නියතයි.

අවශ්‍ය  දේවල්

  • සැන්ඩ්විච් පාන් ගෙඩි එකක්
  • පිපිඤ්ඤා ගෙඩි 3
  • චීස් පෙති

සාදන ක්‍රමය

පිපිඤ්ඤා ගෙඩිය  සෝදා පොතු හැරගන්න. සිහින් පෙති කපා ගන්න. සැන්ඩ්විච් පෙත්තක් මතට චීස් පෙති එකක් තබා ඒ මත කපාගත් පිපිඤ්ඤා පෙත්තක් තබාගන්න. තවත් පාන් පෙත්තකින් වසන්න. කැමති නම් තට්ටු කිහිපයක් වන සේ එසේ අතුරා ගන්න. කැමති හැඩයකට කපා ගන්න. තේ මේසයට යවන්න.

ඔබේ යොවුන් වියේ එළිපත්තේ සිටින පුංචි දියණියට ද ඇයගේ හපන්කම් පෙන්වන්නට මේ අවස්තාව ලබා දෙන්නට ඔබට පුළුවන්. ඉතාමත්ම පහසුවෙන් ඉක්මනින් පිළියෙළ කරගත හැකි ආහාරයක් නිසා ඇය ආසාවෙන් එය ඉටු කරන බවට සැකයක් නැහැ.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles