අඳුරු පැහැයට බිය නොවුණු මෝස්‌තර නිරූපිකාව

නියාකිම් ගට්වික් (Nyakim Gatwech) බටහිර විලාසිතා ලොවට පායා ආ දීප්තිමත් තරුවක්. 24 හැවිරිදි වියේ පසුවන සුඩාන සම්භවයක් ඇති ගට්වික් ගේ විශේෂත්වය වනුයේ ඇගේ සම දැඩි අඳුරු පැහැයෙන් (chocolate black) යුක්ත වීමයි. සම සුදු කරගන්නට වෙර දරණ සියල්ලන්ටම ඉතා වැදගත් පණිවුඩයක් ගෙනදෙන්නට මේ වන විට ඈ සමත්ව ඇත.

තමන් පැමිණි ගමන ඉතාමත් දුෂ්කර බව පෙන්වාදෙන ගට්වික් පවසන්නේ පාසල් යන කාලයේ දී තමන්ගේ සමේ පැහැය නිසා ළමයින්ගේ උසුළු විසුළු වලට පවා මුහුණ දෙන්නට සිදුවූ බවත් පාසල් සමයේ සිටිම, ඇය සුන්දර නොවන බව සිතීම නිසා නින්දෙන් ද හඬණ්නට පුරුදුව සිටිය බවත්ය.  නමුත් ස්ව-ආදරය (self-love) පිළිබඳව ඉගෙන ගැනීම තුළින් මෙන්ම ඉතා ධෛර්යෙන් ජීවිතයට මුහුණ දුන් ඈ නිරූපණ ක්ෂේත්‍රයේ වේගයෙන් ඉදිරියට පැමිණෙන නිරූපිකාවක්.

වරෙක ඇයගේ සමේ තද වර්ණය ඉවත් කිරීම සඳහා ඇයට ඩොලර් 10,000 ක මුදලක් ලබාදෙන්නදැයි Uber රියදුරෙකු ඇසූ බව අනාවරණය කලාය. විදෙස් මාධ්‍යයන් විසින් ‘Queen Of The Dark’ (අඳුරු රැජින) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලබන ඈ මේ වන විට ජ්‍යාත්යන්තර සඟරා කවර රැසක් සඳහා පෙනී සිට ඇත. තමන්ගේ සමේ පැහැය ගැන මෙන්ම තම අප්‍රිකානු උරුමය පිළිබඳව ආඩම්බර වන බව ඈ පවසයි.

මේ වන විට 321, 000 කට වඩා රසිකයන් පිරිසක් රොක්ව සිටින ඇගේ Instagram පිටුව ස්ව- ආදරය සහ ස්වයං-පිළිගැනීමක් පිළබඳව කතා කිරීම මෙන්ම රූපය පිළිබඳ සාම්ප්‍රදායික මතය වෙනස් කිරීමට සහ අඳුරු සම ප්‍රචලිත කිරීමට ද වේදිකාවක් කොටගෙන ඇත. සාම්ප්‍රදායික රාමුවට අභියෝග කරන අපූරු තරුණියක් වන ගට්වික් අප සැමට වටිනා ආදර්ශයක්.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles