මහන මැෂිමක් භාවිතා කරන ඔබ මතක තබාගත යුතුම කරුණු 4 ක්

ගෙදර දොරේ රෙදිපිලි අවශ්‍යතා සඳහා බොහෝ නිවෙස්වල මහන මැෂිමක් තිබෙනවා. මහන මැෂිම දිගු කලක් බාවිතා කිරීමට නම් එය නිසි ලෙස නඩත්තු කිරීම ඉතා වැදගත්. නමුත් බොහෝ විට එසේ නඩත්තු කිරීම මග හැරෙනවා. පහත සඳහන් වන සරළ කරුණු ක්‍රියාවට යෙද වූවොත් ඔබේ මහන මැෂිම නඩත්තු කිරීම ඉතා පහසු වේවි..

  1. නියමිත ප්‍රමාණයේ ඉඳිකටුව භාවිතා කරන්න

ඉතා කුඩා හෝ විශාල ඉඳිකටු භාවිතා කිරීමෙන් ඔබේ මැෂිමට අනවශ්‍ය පීඩනයක් ඇති කළ හැකිය. බිඳුණු ඉඳිකටු ද බරපතල ගැටළුවක් විය හැක. එනිසා නිතර ඉඳිකටු වෙනස් කිරීමට මතක තබාගන්න.

  1. බොබ්බින් ගැන සැලකිලිමත් වන්න

බොබ්බින් වලට නිවැරදි ලෙස නූල් දවටා ඇති බවට වග බලා ගන්න. ඔබේ මහන මැෂිම සඳහාම නිර්මාණය කරන ලද බොබ්බින් භාවිතා කරන්න.

  1. ආවරණය කර තබන්න

මහන මැෂිම  භාවිතා නොකරන විට අනිවාර්යයෙන්ම ආවරණය කර තබන්න. පැරණි  කොට්ට උරයක්, පරණ සාරියක් වූවත් මේ සඳහා භාවිතා කල හැක. සෑම විටම මැසූ පසු මහන මැෂිම පිරිසිදු කර දූවිලි වලින් ආරක්ෂා කර ගබඩා ඇති බවට වග බලා ගන්න.

  1. තෙල් යොදන්න

මහන මැෂිම හොඳින් ක්‍රියාත්මක වන්න නම් අනිවාර්යයෙන්ම නිතිපතා මැෂින් තෙල් දෙීමට අවශ්‍යයි. ඔබේ මහන මැෂිමේ බොබින් එක දමන කොටසට, ඉඳිකටුව සවි වන බ්ලොක් එකට කුඩා තෙල් බින්දු 2 -3 පමණ තැන්පත් කරන්න.  එකපාරට වැඩිපුර තෙල් දමනවාට වඩා තෙල් ටික බැගින් දැමීම උචිතයි.

මෙම මූලික කරුණු සඳහා ඔබ මතක තබා ගත හොත්  ඔබේ මහන මැෂිම කරදරයක් නැතිව දිගු කලක් භාවිතා කල හැකි වනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles