සාරවත් ගෙවත්තකට කොම්පෝස්ට් බඳුනක් පිලියෙල කර ගනිමු

පලවැලින් සහ මලින් පිරී ගිය ගෙවත්තක් ලබාගැනීමට මිල අධික රසායනික පොහොර භාවිතය අත්‍යාවශ්‍ය බව බොහෝ දෙනාගේ මතයයි. නමුත් කොම්පෝස්ට් යනු මේ සඳහා භාවිත කළ හැකි වෙනත් සුදුසු සාර්ථක අඩු මිල පරිසර හිතකාමී විකල්පයක්.

කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු කරන්නේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය මඟින් සරල කාබනික ද්‍රව්‍ය බවට පත් කිරීමයි. කොම්පෝස්ට්  බෝගවලට සෘජුව භාවිතා කල හැකි අතර ශාක වර්ධනයට ඉතා ඉක්මනින් ප‍්‍රයෝජනයට ගත හැක.

සරල කොම්පෝස්ට් බඳුනක් පිලියෙල කර ගැනීම කුඩා පරිමාණයේ ගෙවතුවල කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදා ගත හැකි ක්‍රමයකි. දිනපතා ගෙදර දොරේ ගෙවත්තේ එකතුවන අපද්‍රව්‍ය කළමනාකරණයට අවස්ථාවක් මෙයින් උදාවේ. මෙය විශේෂයෙන් නාගරික පරිසරයක සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා ඉඩ ප්‍රමාණයක් ඇති පෙදෙසක යෝග්‍ය වේ. මේ සදහා සිමෙන්ති , යකඩ හා ප්ලාස්ටික් බැරල් භාවිතා කරනු ලැබේ. පහසු මිලට මෙම බදුනක් මිලදී ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ආහාර අපද්‍රව්‍ය
  • වත්තේ සරු පස්
  • වියළි කොළ හෝ දහයියා
  • සිදුරු සහිත හා ආවරණය කරන ලද හිස් කොම්පොස්ට් බදුනක්

සකසන අයුරු :

පලමුව පස් තට්ටුවක් හිස් කොම්පෝස්ට් බදුනට දමන්න. ඉන් පසුව වියළි ද්‍රව්‍ය තට්ටුවක් දමන්න. අනතුරුව කුස්සියේ ආහාර තට්ටුවක් දමන්න. මෙසේ එක් කරන තට්ටුවක උස අඟලකට වඩා වැඩිය නොවිය යුතුය. කූරකින් මේ සියල්ල මිශ්‍ර කරන්න. අවසානයේ නැවත පස් හා කොළ තට්ටුවක් දමන්න. සති කිහිපයකට වරක් සෑදුනු කොම්පොස්ට් ඉවත් කරන්න.

කොම්පෝස්ට් බඳුනක අමුද්‍රව්‍ය පෙරලීමකට භාජනය කරනු නොලබන නිසා දිරාපත් වීමට වැඩි කාලයක් ගත වන හෙයින් වාතාශ්‍රය සදහා බැරල්හි බඳේ සිඳුරු සාදනු ලබන අතර එමගින් දිරාපත්වීම ඉක්මන් කළ හැකිය. රෝගකාරකයන් අඩංගු ශාක හා සත්ව කොටස්වලින් සංයුක්ත වූ අක්‍රමවත්ව පිළියෙල වී ඇති පොහොර ශාකවලට මෙන්ම පුද්ගලයින්ට ද හානිකර විය හැකි නිසා කොම්පෝස්ට් නිපදවීමකදී එවැනි කොටස් ඉවත් කළ යුතුය. කාබනික අපද්‍රව්‍ය එලෙසින්ම බෝග වගාවට භාවිතා කිරීමට වඩා ක‍්‍රමාණුකූලව නිෂ්පාදනය කල කාබනික පොහොර භාවිතා කිරීම වැදගත්ය. නිවැරදි අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පරිසර දුෂණය අවම කර පරිසරයට ද හිතකර කාබනික පොහොර මෙලෙස නිවසේම සකස් කරගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles