සෞඛ්‍යාරක්ෂිතව වීදුරු කවුළු පිරිසිදු කරන ආකාරය දන්නවාද?

වීදුරු කවුළු නිතරම පිරිසිදු කළත්, ඒවා අපවිත්‍ර වීමේ හැකියාව වැඩියි.  පැල්ලම් ගැසුණු කවුළු නිවසට එක් කරන්නේ අවලස්සනක්. එනිසා රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර සෞඛාරක්ෂිතව මෙන්න මේ අකාරයට නිවසේ වීදුරු කවුළු පිරිසිදු කර බලන්න.

පිරිසිදු කිරීම සඳහා පියවර

  • පළමුවෙන්ම විනාකිරි, පිරිසිදු ජලය, ස්ප්‍රේ කල හැකි බෝතලයක් හෝ විශාල බඳුනක්, microfiber රෙදි / මෘදු රෙදි කැබැල්ලක්/ පත්තර සහ කොට්න් බඩ්ස්/ මෘදු දත් බුරුසු වැනි සියලු පිරිසිදු කාරක සැපයුම් එකතු කරගන්න.
  • වීදුරු කවුළු පිරිසිදු කරන විට දී, ලී කවුළු මත තුවායක් හෝ පත්තර කිහිපයකින් ආවරණය කර ගැනීමෙන් ජනේලයේ රාමුව රැකගත හැක.
  • විනාකිරි එක් කොටසක් ජලය කොටස් හතරකට මිශ්‍ර කිර පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය සේදුම් දියරය සාදාගන්න.
  • පිරිසිදු කිරීමට යොදා ගන්නා රෙදි කැබැල්ල සාදාගත් සේදුම් දියරට බහා පොඟවා අතිරික්තය මිරිකා හැරගන්න. නැති නම් ස්ප්‍රේ කර ගන්න.
  • වීදුරුවේ ප්‍රමාණය විශාල නම් හෝ පිරිසිදු කිරීම සඳහා පුවත්පතක් භාවිතා කරන්නේ නම් සේදුම් දියරය වීදුරුව මතට ස්ප්‍රේ කර ගැනීම වඩාත් සුදුසුය.
  • සියලු පැල්ලම් ඉවත් කිරීමට පළමුව රවුමට ද දෙවනුව ඉහළ සිට පහළට ද ලෙස වීදුරු පෘෂ්ඨය පිස දමන්න.
  • කොට්න් බඩ්ස් හෝ මෘදු දත් බුරුසුවක් යොදාගෙන කොන් සහ දාර පිරිසිදු කරන්න.
  • අවසානයට ඔප දැමීම සඳහා පරණ කඩදාසි හෝ පැරණි ටී-ෂර්ට් / කපු රෙදි කැබැල්ලකින් හොඳින් වීදුරුව පිස දමන්න.

වාණිජමය සේදුම් කාරක භාවිතා කරන විට ඇමෝනියා අඩංගු නොවන නිෂ්පාදනයක් තෝරා ගැනීමට මතක තබා ගන්න. කෝපි මණ්ඩි සහ ක්ලබ් සෝඩා ද මේ සඳහා භාවිතා කළ හැකිය. විශේෂයෙන්ම මුහුණ බලන කණ්නාඩි, විසිතුරු කැටපත් ද මේ ආකාරයෙන් දිදලන පෙනුමක් ලැබෙන සේ පිරිසිදු කරගන්න පුළුවන්.

 – කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles