කැරට් කොළ වලින් රසවත් සම්බෝලයක් හදල බලමුද?

කැරට් අල වලින් සම්බෝල හෝ සලාද සකසා තිබුණාට කැරට් කොළ වලිනුත් රසවත් සම්බෝල හදන්න හැකි බව දැන සිටියාද? වෙළඳපලේ කොළත් සමඟ කැරට් මිලදී ගැනීමට තිබුණ ද බොහෝ දෙනා කරන්නේ කැරට් අල පමණක් මිලට ගැනීම හෝ කොළ ටික කපා ඉවත් කර දැමීමයි. නමුත් රාබු කොළ මෙන් කැරට් කොළ ද ඉතාමත් රසවත් ආහාරයක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කැරට් කොළ
  • ගා ගත් පොල් ස්වල්පයක්
  • රතු ළූණු ගෙඩි 2
  • අමු මිරිස් කරල් 2
  • ගම්මිරිස්
  • ලුණු
  • දෙහි යුෂ
  • උම්බලකඩ

සාදාගන්නා අයුරු:

කැරට් කොළ ලුණු වතුර යොදා සෝදාගෙන සිහින්ව ලියා ගන්න. රතු ළූණු සහ අමු මිරිස් ද සිහින්ව ලියාගන්න. ගාගත් පොල්වලට අවශ්‍ය පමණට උම්බලකඩ, ගම්මිරිස්, ලුණු ටිකක් එකතු කරල හොදට අතින් අනාගන්න. අවසානයට දෙහි යුෂ ටිකක් එකතු කරගන්න. කැමති නම් කහ ස්වල්පයක් ද එකතු කර ගන්න. 4සම්බෝල පමණක් නොව මැල්ලුමක් ලෙසින් ද සාදාගත හැකියි. ඒ සඳහා මැටි ඇතිලියකට තෙල් බිංදු කිහිපයක් දමා රත්වනවිට සකසා ගත් සම්බෝලය දමා කලවම් කරන්න.

ගොටු කොළ/ පාස්ලි වැනි  රසයෙන් යුත් නැවුම් කැරට් කොල සම්බෝල ඉතාමත් රසයි වගේම ගුණයි. කැරට් කොළ ප්‍රෝටීන්, ඛනිජ සහ විටමින් බහුල පෝෂ්යදායී වේ. කැරට් වල මෙන් මෙන් සය ගුණයක් විටමින් C අඩංගු වන අතර එය පොටෑසියම් හා කැල්සියම් උල්පතකි. කෘමිනාශක අධික ලෙස ඉසින ලද වාණිජ කැරට් වල කොළ නම් පරිභෝජනයට නුසුදු බව අනිවාර්යයෙන්ම මතක තබාගන්න.

 – කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles