ගුණ දැනගෙන බටු කන්න

අතීත ගම්වැසියන් බටු ගැන සඳහන් කර ඇත්තේ බට්ටේ ගුණ නැට්ටේ තිබෙන බවයි. විශේෂයෙන් ම මේ කතාවට අදාළ කරගැනුණේ, වම්බටු පමණයි. කෙසේවෙතත් නටුවෙහි  මෙන් ම බටු ගෙඩිය පුරාම පෝෂ්‍ය ගුණ රැසක් පවතිනවා. වම්බටු, තලනබටු, තිබ්බටු ආදී සියලු ම බටු වර්ගවලට මේ කාරණය පොදු බවයි, පෝෂණවේදීන් පවසන්නේ.

පෝෂණ ගුණ

වම්බටු ගෙඩියේ අඩුවක් නැතිව විටමින්, ඛණිජලවණ පවතිනවා. එමෙන්ම ඉතාමත් වැදගත් ප‍‍්‍රති ඔක්සිකාරක ද (එනම්, ශරීරගත වෙන විස විනාශ කරන ද්‍රව්‍ය) අඩංගු වෙනවා.

එමෙන් ම පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ, වම්බටු ගෙඩියේ පොත්තේ ඇති පෝෂණ ගුණය මොළයේ පටල, හානිකර ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා කරන බවයි.

හොඳ ප‍‍්‍රතිඔක්සිකාරකයක් වන වම්බටු, හෘදයේ නිරෝගි බව ඇතිකරවයි. පර්යේෂකයින් සඳහන් කරන්නේ, වම්බටු යුෂ මගින් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන බවයි. ඒ වගේ ම රුධිර සංසරණය ක්‍ර‍්‍රමවත් කිරීමේ ගුණයක්ද වම්බටුවල පවතිනවා. වම්බටු වැඩි යකඩ අඩු කරයි. යකඩ සිරුරට නැතිවම බැරි පෝෂකයක්. එහෙත් යකඩ වැඩිවීම ද හොඳ දෙයක් නොවෙයි. වැඩිපුර යකඩ සිරුරේ තිබීම නිසා හදවත් රෝග, පිළිකා සෑදීමේ අවදානම වැඩි වෙනවා. ඔසප් වීම මාසිකව සිදුවන කාන්තාවන්ට යකඩ වැඩි වීමේ අවදානමක් නැතත්, ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ යකඩ වැඩි වීමේ අවදානමක් පවතිනවා. පිරිමින්ටද යකඩ වැඩිවීමට ඉඩක් පවතිනවා. වම්බටුවල ප‍‍්‍රතිඔක්සිකාරකවලට වැඩි යකඩ අඩු කිරීමේ හැකියාවක් පවතිනවා. සන්ධිවලට හානි කරන විස ද අඩු කරන නිසා ආතරයිටීස් වැනි රෝග වැළඳීමේ ඉඩ ද අඩු කරගීමේ හැකියාව වම්බටුවල තිබෙනවා.

තෝරා ගැනීම

වම්බටු මිලදී ගැනීමේ දී ගෙඩියේ ප‍‍්‍රමාණයට බර වම්බටු තෝරා ගන්න. ගෙඩියේ පොත්ත මෘදු හා දිළිසෙන ස්වභාවයකින් යුක්ත විය යුතුයි. කැලැල් වුණු, තැලුණු ගෙඩි මිලදී ගන්න එපා. වම්බටු උෂ්ණත්වයටත්, සිසිලටත් සංවේදී එළවළුවක්, ඒ නිසා ෆැරන්හයිට් අංශක 50 (සෙල්සියස් අංශක 10 ක) උෂ්ණත්වයක තැන්පත් කළ යුතුයි.

උයන හැටි

වම්බටු උයනවිට එහි රස වැඩි කිරීමට, වම්බටුවල ඇති සියුම් තිත්ත රසය ලුණු මගින් අඩු කරන්නට පුළුවන්. කැපූ වම්බටුවලට ලුණු ස්වල්පයක් ඉස මිනිත්තු 30ක් තබන්න. මෙමගින් වම්බටු බැඳීමේ දී වම්බටුවලට තෙල් උරා ගැනීම ද අඩු කරනවා.රසවත් මෝජුවක් වශයෙන්, බැදුමක් වශයෙන් වගේ ම රසවත් ව්‍යංජනයක් වශයෙන් ද වම්බටු ආහාර වේලට එකතු කරත හැකියි.

අගුණ අය

කෙතරම් රසවත් වුවත් ඇතැම් රෝගවලට වම්බටු හානිදායකයි. සිරුරේ ගල් ඇති කරන ආහාර අත‍‍ළොස්සෙන් වම්බටු එක් වර්ගයක්. මේ නිසා ප‍‍්‍රතිකාර නොගන්නා වකුගඩු හෝ පිbrinත්තාශ රෝගීන්ට මෙවැනි ආහාර එතරම් සුදුසු නැහැ. වම්බටුවල ඇති එම ගුණය කැල්සියම් උරා ගැනීම අඩු කිරීමට ද හේතු වෙනවා. මේ නිසා නිතර වම්බටුවල රස බැලීම එවැනි සංකූලතා සහිත පුද්ගලයන්ට නම් සුදුසු වන්නේ නැහැ.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles