එන්නත් කිරීමෙන් වළක්වාගත හැකි ගැබ්ගෙළ පිළිකාව

මේ නම ඔබ‍ට ඉතාමත් හුරු බවට අපට සැකයක් නැහැ .එහෙත් මේ ලිපියේ අරමුණ වන්නේ ඒ පිළිබඳව වඩාත් දැනුවත් වීම තුළින් මේ විනාශකාරී රෝගයෙන් අපට ආරක්ෂා වීමට හැකි බව ඔබට කියන්නටයි. මවක්, බිරිඳක් පමණක් නෙවේ දියණියක සිටින මවක් නම් ඔබ, මේ ලිපිය මග හරින්න එපා කියලා අප ආදරයෙන් ඉල්ලා සිටිනවා.

කොහොමද මේ රෝගය වැළඳෙන්නේ ?

මේ පිළිකාව සියයට 98% ම වැළඳෙන්නේ මානව පැපිලෝමා නම් වයිරස පවුලෙන්. අඩු වයසින් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමත් මේ වෛරසය ආසාදනය වීමට හේතුවක්.

  • පිරිමි වැඩි ගණනක් ඇසුරු කිරීම.
  • දුම් පානය.
  • දරුවන් වැඩි ගණනක් ප්‍රසූත කිරීම.

රෝග ලක්ෂණ

  • මුලදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
  • යෝනි මාර්ගයෙන් රුධිරය ස්වල්පයක් වහනය වීම.
  • අතරමැද සිදුවන ඔසප්වීම්
  • ඔසප් වීමේදී අධික දුගඳ
  • ඔසප් වීම නැවතුන කාන්තාවන්ට නැවත ඔසප් වීම.
  • යටි බඩ වේදනාව
  • ඇඟ කෙට්ටු වීම.
  • ඉකිළි ප්‍රදේශය ඉදිමීම

පරීකෂා කරන්නේ කොහොමද ?

  • සුව නාරි සායනයකදී
  • පැප් පරීක්ෂණයකින්

පිළිකාවේ ප්‍රභේද

  • මෙම පිළිකාවේ ප්‍රභේද 40 පමණ තිබේ.
  • මෙම පිළිකාව සෑදෙන්නේ ප්‍රභේද 16 – 18 මගිනි. මේ හැර 6 -11 මගින් ලිංගික ඉන්නන් සෑදෙයි. මෙම ඉන්නන් ගුද මාර්ගයේ, ශිෂ්ණයේ, උගුරේ ඇති විය හැකියි.

වැළක්වීමේ එන්නත

  • ගැහැණු දරුවන්ට වයස අවු 11 -12 අතර කාලයේ දීයි.
  • ගැහැණු දරුවන්ට දෙවරක් ලබා දෙයි.
  • එන්නත ලබා දීමෙන් පසු ප්‍රතිශක්තිය ඇති වන බැවින් රෝගය වැළඳෙන්නේ නැත.
  • අවුරුදු 9 සිට 26 දක්වා ලබා දිය හැක.
  • ඉන්පසු එන්නත් කිරීමෙන් ප්‍රතිශක්තිය ඇති නොවේ.
  • වෛරසය ශරීර ගත වූ අයට ලබා දීමෙන් පළක් නැත.

එන්නත නොදිය යුතු අවස්ථා

  • ගර්භණි මෙන්ම මව් කිරි දෙන අවදියේදී නොදිය යුතුයි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles