රුව නැණ වැඩුමට උරදෙන කුංකුම

සියවස් ගණනාවක් පුරා ලොව මිල අධිකම කුළු බඩු වර්ගයක් ලෙස සැලකෙන කුංකුම (saffron) රුව පමණක් නොව නුවණ වඩන්නට ද හැකි ඖෂධයකි. මෑත කාලිනව වාර්ෂික ලෝක නිෂ්පාදනයෙන් 90-93% අතර ප්‍රමාණයක් ඉරාණය සතුව පවතින අතර ඉන්දියාව සහ පාකිස්ථානය ද රතු රන් හෙවත් කුංකුම නිෂ්පාදනය කරයි.

ආදී මිසර වාසීන්  සහ පර්සියානුවන් කුංකුම ප්‍රතිවිෂ නාශකයක්, ආහාර ජීර්ණය උත්ප්‍රේරණය කරන ද්‍රව්‍යක්, අතීසාරය හා සරම්ප සඳහා ඖෂධීය පානයක් ලෙස ද භාවිතා කර ඇත. වීනයේ සිදු රන ලද පර්යේෂණාත්මක අධ්‍යනයන්ට අනුව කුංකුම වලට පිළිකා නිෂේධනය,  ආසාත්මිකතා මර්දනය මෙන්ම මානසික අවපාතයට එරෙහිව සටන් කිරීම ද කල හැකි බව දක්නට ලැබේ. ස්වසන ආබාධ ,කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව,කහ උණ, ඇදුම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කෙරේ. කුංකුම වලට මතකය හා ඉගෙනීම් හැකියාවන් වැඩිදියුණු කිරීමට හැකි බව සැලකේ.

සම පැහැපත් කරන රූපලාවන්‍ය ඔසු අතර කුංකුම ප්‍රධාන තැනක්‌ ගනී. සම මතුපිට ඇති අක්‍රීය සෛල ඉවත් කිරීමට, සම සුසිනිදු කිරීමට. තුවාල සුව කිරීමට හා  රුධිර ශෝධනට ඇති හැකියාව  ගුණ වලට අමතරව කුංකුම ඔක්සිහාරකයකි. එනම් වයස් ගත වීම වලකන නියෝජිතයෙකු ලෙස වැනි සෞඛ්‍යමය වාසි ‍රැසක් පවතින බව හෙලි වී ඇත. ඔබට නිවසේදීම අතුරු ආබාධවලින් තොරව ස්වාභාවිකවම රුව වඩවා ගත හැක. කිරි මේස හැදි දෙකකට කුංකුම රේණු 7 හෝ 8 පමණ එක් කර ආලේපයක් ලෙසින් හොදින් අඹරා සකසා ගත් ආලේපය මුහුණ, දෑත් හා දෙපා වල ආලේප කර මිනිත්තු විස්සකින් සෝදාහරින්න. සතියකට දෙවරක් පමණ මෙම ප්‍රතිකාරය කිරීම මගින් සම පිරිසුදු වී එහි ඇති අදුරු පැහැය ඉවත්වීී සම දීප්තිත් වේ. කුංකුම වලන් ලැබෙන මේ ගුණ ලැබෙනුයේ බාල තත්ත්වයෙන් යුතු කුංකුම භාවිතා නොකිරීමෙන් බව අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles