බ්ලෙන්ඩර් එක නිවැරදිව පිරිසිදු කරමු

බ්ලන්ඩරය නූතන මුළුතැන්ගෙයට නැතිවම බැරි උපකරණයක්. බොහෝ මුළුතැන්ගෙයි විදුලි  උපකරණ මෙන්ම නිසි නඩත්තු කිරීමකින් තොරව බ්ලන්ඩර් එක යහපත් ක්‍රියාකාරී තත්ත්වයේ තබා ගැනීමට අසීරුයි. එසේම නිසි ලෙස පිරිසිදු නොකිරීමෙන් ආහාර විෂ වීම ආදී රෝගී තත්ත්වයන් ඇති විය හැක. එනිසා බ්ලන්ඩර් එක නිවැරදිව පිරිසිදු කිරීමවැදගත්.

බ්ලන්ඩර් එකේ ආහාර දමන කෙටසට වතුර කෝප්ප කිහිපයක් සහ ඩිෂ් සෝප්/ දියර සබන් බින්දු කිහිපයක් එක්තත්පර 30 ක් පමණ සාමාන්‍ය වේගයකින් ක්‍රියාත්මක කරවන්න. බ්ලන්ඩර්යේ දෙපස සහ පතුලේ පවිත්‍ර වී ඇති නම්, සබන් වතුර ටික ඉවත් කර ඇල් වතුරින් ‍සෝදා ගන්න.

සබන් යෙදීමෙන් පසුවද ඉතිරිව ඉවත් කිරීමට අපහසු පැල්ලම් ඉවත් කිරීම සඳහා ලෙමන් යොදා පිරිසිදු කරන්න. ලෙමන් ගෙඩියක් තරමක කැබලි වලට කපා දියර සබන් බින්දු කිහිපයක් සමගින් බ්ලන්ඩරයට දමාගන්න.  බ්ලෙන්ඩරයේ භාගයක් පමණ වන තුරු උණුසුම් ජලය පුරවා විනාඩියක් පමණ ක්‍රියාත්මක කරවන්න. ලෙමන් සහ සබන් වතුර ටික ඉවත් කර ඇල් වතුරින් ‍සෝදා ගන්න.

සෑම භාවිතා වාරයකටම පසුව බ්ලන්ඩර් එක පිරිසිදු කිරීම මෙන්ම පිරිසිදු කිරීමෙන් පසු මෘදු රෙදි කැබැල්ලකින් පිස ගැනීමටත් මතක තබා ගැනීම වැදගත්. සෑම මාසයකම බ්ලන්ඩරයේ කොටස් ගලවා පිරිසිදු කරන්න. උණුසුම් ජලය සහ ස්පොන්ජයක් භාවිතා කිරීමෙන් මේවා පිඟන් සේදුම් යන්ත්‍රයට නොදමා අතින් සෝදාගන්න. බ්ලන්ඩර් එක වියළීමට ප්‍රමාණවත් කාලයක් තබා නැවත එකලස් කරන්න.

පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී බ්ලන්ඩර්යේ මෝටරය ඇති කොටසට ජලය කිසිදු ලෙසකින්වත් නොගැටෙන ලෙස තබා ගැනීමට නම් අමතක කරන්න එපා.

– කල්හාරිී –

Related Articles

Don't Miss


Latest Articles