සති අන්තය දේශීය රසයක ගුණ සමඟ

අපට දේශීයව උරුම වුන ගුණයෙන් පිරිපුන් අල වර්ග රාශියක් තියෙනවා. කෘමි රසායනිකයන්ගෙන් තොර මේ ආහාර පිළිබඳව දැනුම අප වෙතින් ක්‍රමක්‍රමයෙන් ගිලිහී යනවා. එහෙත් විදේශිකයන් මෙන්ම තරු පන්තියේ හෝටල් තුළ මේ අල වර්ග ඉහළ ඉල්ලුමකින් යුතුව වැජඹෙනවා .ඉතින් විවේකි සති අන්තයක සතුට දේශීය ආහාරයක් සමග විඳින්නට අප ඔබට ආදරයෙන් ආරාධනා කරනවා.

කිරි අල ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කිරි අල ග්‍රෑම් 500
  • සිහින්ව ලියාගත් රතු ළුණු ගෙඩි 3, 4 ක්
  • උළුහාල් ඇට 10 පමණ
  • සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 2 ,3
  • උකු පොල්කිරි කෝප්ප 1
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • තුන පහ කුඩු තේ හැඳි 1
  • කහ ස්වල්පයක්
  • උම්බලකඩ කැබලි අහුරක්
  • කරපිංචා කොළ ඉති 2 පමණ
  • අබ මේස හැඳි 1
  • තෙල් තේ හැඳි 2

සාදන ක්‍රමය:

අල සුද්ද කර ගන්න. තරමක ප්‍රමාණයකට කැබලි කපා ගන්න. එයට මිරිස්, තුන පහ, කහ, රතු ළුණු, අමු මිරිස්, කරපිංචා, උම්බලකඩ එකතු කර අල තැම්බීමට අවශ්‍ය වතුර ප්‍රමාණය දමා ලිප තබන්න. අල තැම්බි එන විට උළු හාල් එකතු කරන්න. වතුර හිඳී යන විට මද ගින්නේ පිසින්න. සකසා ගත් කළමණා එකතු කර කිරි දමන්න. කිරි උතුරා එන විට ලිපෙන් බා ගන්න. වෙනත් බඳුනක් ලිප තබා තෙල් දමා රත්වන විට අබ එකතු කර පුපුරවන්න. අබ පිපුරුණු පසු පිස ගත් කිරි අල කරිය එකතු කර තෙම්පරාදු කරන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles