ඔබ නොසිතන සෞඛ්‍යය ප්‍රතිලාභ ලබා දෙන ධාන්‍ය වර්ගය – බාර්ලි

ලාංකික අපට තවමත් තරමක් ආගන්තුක වුවත් බටහිර රටවල නම් බාර්ලි (Barley) යනු ඉතාම ජනප්‍රිය ධාන්‍ය වර්ගයක්. සෞඛ්‍ය සම්පන්න බවට උර දෙන ඉහළ කෙඳි සහිත, අධික ප්‍රෝටීන් ප්‍රමාණයකින් පූර්ණ ධාන්‍ය වර්ගයක් වේ.

බාර්ලි යනු පෘථිවියේ වගා කර ඇති පැරණිම ධාන්‍ය වර්ගයකි. මීට වසර 13,000 කට පමණ පෙර නැවත වගා කරන ලද ප්‍රථම වගාව මෙයයි. මෝල්ට් රසැති කිරි පානයන් හා බීර සැකසීමට පමණක් නොව සුප්, ස්ටූ සහ සලාද සෑදීමට අමතරව, එය විවිධ පාන් වර්ග සකස් කිරීමට ද යොදා ගනී. පිසූ විට බාර්ලි දුඹුරු පැහැයෙන් යුත් අතර රසයෙන් දුඹුරු සහල් (brown rice) වලට සමාන වේ.

FDA (Food and Drug Administration – USA) ට අනුව, බාර්ලි හි ඇති තන්තු මඟින් කිරීටක හෘද රෝගවල අවදානම සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කළ හැකිය. බාර්ලි, දියවැඩියාව සහ මහ බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි. බඩවැල් ආරක්ෂා කරන්නට සහාය වන බාර්ලි බඩවැල් පිළිකා, අර්ශස් වැනි රෝගී තත්ත්වයන් අවම කර දෙයි.

පිසින ලද බාර්ලි එක කෝප්පයක කැලරි 193 ක්, කෙඳි ග්‍රෑම් 6 සහ ප්‍රෝටීන් 3.5 ග්‍රෑම් ඇත. බාර්ලි යනු මේද රහිත ආහාරයක් වන අතර කොලෙස්ටරෝල් මර්දනයට උපකාරීවේ. බත් වෙනුවට භාවිතා කළ හැක. කෑම පාලනය කරන්න කැමති ඔබට බාර්ලි හොඳ ආදේශකයක් වනුඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles