අලිගැටපේර සහ ස්ට්‍රෝබෙරි වලින් රසවත් ස්මූතී එකක් හදමු

මේවන විට පලතුරු බීම අතුරින් පලතුරු ස්මූති සඳහා විශේෂ තැනක් හිමි වනවා. සැම දෙනාම කැමති පලතුරු වන රසවත් සහ ගුණවත් අලිගැටපේර සහ ස්ට්‍රෝබෙරි යොදා ස්මූති එකක් හදල බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තරමක කැබලිවලට කපාගත් අලිගැටපේර ගෙඩි ½
  • දෙකට කපා ගත් ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 150
  • අඩු මේද ස්වභාවික යෝගට් තේ හැදි 4
  • අඩු මේද කිරි මිලි ලීටර් 200
  • රස අනුව ලෙමන් හෝ දෙහි යුෂ
  • රස අනුව පැණි

සාදන අයුරු:

ඉහත ද්‍රව්‍ය සියල්ල හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. දියරය ඝනත්වයෙන් අධික නම් අයිස් කැට ස්වල්පයක් හෝ ජලය ස්වල්පයක් එකතු කරගන්න. මෙහි සඳහන් වන ප්‍රමාණය දෙදෙනෙකුට ප්‍රමාණවත් වන අතර විනාඩි 5ක පමණ කාලයකින් සකසා ගත හැක.

‍කැල්සියම් අධික හා කැලරි අවම ලේසියෙන් සාදාගත හැකි රසවත් සහ ගුණවත් මුළු දවසම ප්‍රබෝධමත් කරවන මෙම පානය උදෑසන අහාරය සඳහා රසවත් ආදේශකයකි. ස්ට්‍රෝබෙරි වෙනුවට ඔබට වෙනත් බෙරි වර්ගයක් වූවත් ආදේශ කර ගත හැකි අතර කෑම පාලනය කරන අය සඳහා ගැලපෙනම මෙම පානය හදල බලන්න අමතක කරන්න එපා.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles