තෝරා බේරා ආහාර ගන්නා පොඩිත්තන් සමඟ කටයුතු කරන්නේ මෙහෙමයි

පොඩිත්තන්ගේ නීරෝගිමත්, ශක්තිමත් වර්ධනයට සමබර ආහාර වේලක් ලබා දීම අත්‍යාවශ්‍යයි. නමුත් බොහෝ විට පුංචි දරුවන් තෝරාගත් ආහාර පමණක් ලබා ගැනීමට උත්සාහ කරනවා. ඔබේ පොඩිත්තාට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පුරුදු කරවා ගැනීම සහා අදහස් කිහිපයක් –

  1. දරුවන් කුඩා පරාසයක තුලින් ආහාර තෝරාගැනීමට තිබීමෙන් සතුටට පත්වෙති. ඔබේ දරුවා සෑම දිනකටම වාගේ ආහාර වර්ග එකක් හෝ දෙකක් තෝරාගන්නවා නම් එය අසාමානය දෙයක් නොවේ. ඉවසිලිවන්තව ක්‍රම ක්‍රමයෙන් වැඩිපුර ආහාර වර්ග හඳුන්වා දෙන්න.
  2. දරුවාව තම දිවා ආහාර වේල/පෙට්ටිය සැලසුම් කිරීම සඳහා සහභාගී කරවා ගන්න. තමා විසින්ම සැලසුම් කිරීමට කටයුතු කරන ලද ආහාර වේල අනුභව කිරීමට උත්සාහ කිරීමට වැඩි ඉඩක් ඇත.
  3. ඔවුන් බත් ආදී ධාන්‍ය වර්ග මුළු මනින්ම ප්‍රතික්ෂේප කළහොත්, කරදර නොවන්න. සමහර කුඩා දරුවන්ට ෆයිබර් අඩංගු ආහාර ගැනීමට අපහසු වේ. ධාන්‍ය ලෙස ලබා දීම වෙනුවට ක්‍රීම් ගතියට ලෙස සකසා සලාද හෝ සැන්ඩ්විච් පිරවුම් සඳහා එකතු කර ලබා දෙන්න. ඔබේ දරුවා තරමක් වයසින් වැඩෙන විට දුඹුරු සහල්, පැස්ටා සහ පරළු පාන් ක්‍රමයෙන් හඳුන්වා දීම අරඹන්න.
  4. වෙනත් දෙමව්පියන් සමඟ අදහස් හුවමාරු කරගන්න. ඉන් ඔබේ දරුවාගේ ආහාර රුචිය වර්ධනටට අනුගමනය කලහැකි ක්‍රියාමාර්ග සඳහා ආදර්ශයක් ලබා ගත හැකි වනු ඇත.
  5. සීනි, මේද සහිත ආහාර ත්‍යාගයක් ලෙස භාවිතා නොකරන්න. සෞඛ්‍ය සම්පන්න පලතුරු හෝ කිරි නිෂ්පාදන වඩා හොඳ විකල්පයක් බව

මෙම අදහස් කිහිපය තෝරා බේරා ආහාර ගන්නා ඔබේ සිඟිත්තාට නිසි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පුරුදු කරවා ගැනීමට ඔබටත් උපකාරි වේදැයි බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles