වරකා පොල්කිරි මිල්ක් ෂේක්

වරකා විටමින් සී සහිත ප්‍රණීත පළතුරක්. රසයෙන් ගුණයෙන් පිරුණු වරකා අප කාගේත් ආදරණිය පළතුරක්. පළතුරක් විදියට ආහාරයට ගැනීමට අමතරව වරකා වලින් විවිධ රසවත් කෑම වර්ග සාදා ගන්නත් පුළුවන්. අද අප ඔබට කියලා දෙන්නේ කිතුල් හකුරුත් එකතු කර වරකා මිල්ක් ෂේක්  එකක් සාදා ගන්නා ආකාරයයි…

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඇට ඉවත් කරගත් වරකා මදුළු 250 g
  • උකු පොල්කිරි මිලි ලීටර් 200
  • කුඩු කරගත් කිතුල් හකුරු රස අනුව
  • වතුර මිලි ලීටර් 100
  • අයිස් කැට 5, 6
  • වැනිලා අයිස් ක්‍රීම් ස්කුපර් 3

සාදන ක්‍රමය:

වරකා මදුළු පොඩියට කපා බ්ලෙන්ඩරයට දමන්න. ඉන් පසු එයට පොල් කිරි, හකුරු දමා බ්ලෙන්ඩ් කරන්න. එයට අයිස් කැට සමග වතුර එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න. කැමති නම් අයිස් ක්‍රීම් දමා බ්ලෙන්ඩ් කරන්න. උස වීදුරුවකට දමා පිළිගන්වන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles