පුංචි අයට නිතර හැදෙන බඩේ ලෙඩවලට හොඳම බෙහෙත්

පුංචි දරුවන්ට සමහර ආහාර ජීරණ නොවීම නිසා නොසිතන වෙලාවල් වල බඩේ රිදුම්, වමනය වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. මුලින්ම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නට පෙර,  ඒ කියන්නේ දරුවාට දැඩි ලෙස උණ සහ දිගින් දිගටම වමනය, බඩ එළිය යාම නැතිනම් මේ කියන ඖෂධවලින් සුවය ලබාදෙන්න පුළුවන්. නමුත් මින් සුවයක් නැතිනම් දිගින් දිගටම එවැනි ප්‍රතිකාර අත්හදා නොබලා වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව කිව යුතුයි. ඉතින් අසාධ්‍ය තත්වයක් නැතිනම් ඔබට මේ ප්‍රතිකාර අත්හදා බලන්න පුළුවන්.

  • මීපැණි සමග දෙහි

මීපැණි හා දෙහි සුළු අජීරණ තත්වයන් හා කෑම අරුචිය, වමනය වැනි අවස්ථාවන් වලදී මීපැණි මේස හැන්දකට දෙහි යුෂ මේස හැන්දක් පමණ මුසු කර ලබාදෙන්න. මෙය උදේ, දවල්,රාත්‍රී වශයෙන් කෑමට පසු ලබාදෙන්න පුළුවන්.

 කොහොම වුණත් වයස අවුරුදු 1ට අඩු බබාලට මී පැණි නුසුදුසුයි

  • කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි

එක් වරක් පමණ බඩ බුරුල් කර යාමක් සිදුවුනොත් දරුවන්ගේ බඩේ අජීරණ තත්වය ඉක්මනින් පහකරන්න කෝලිකුට්ටු වලට හැකියාව තිබෙනවා. කෝලිකුට්ටු සමහර දරුවන්ට මළබද්ධය ඇති කරන බවත් පැවසෙන අතර මේ අතර සම්බන්ධය ඉන් තවත් තහවුරු වෙනවා.

  •  කෝපි

එදා සිටම කෝපි බඩේ රිදීමක් ඇති වූ විට පළමුවෙන්ම අත්හදා බලන අත්දුටු ප්‍රත්‍යක්ෂ ඔසුවක්. ඉතින් එය තවත් ව්‍යාප්ත වීම නැවතී ඉක්මනින් සුවයට මග පාදනවා. කෝපිවලට දෙහි බිංදු කිහිපයක් මුසු කොට දරුවන්ට පානයට සීනි ස්වල්පයක් සමග ලබා දීම මගින් වුනත් ඉක්මන් සුවය ලබාගන්න පුළුවන්.

  • සූදුරු

සූදුරු ඖෂධීය ගුණ රැසකින් යුතු වන්නා සේම අපේ ආහාර පිස ගැනීමේදී එක් කර ගැනීමෙන් රසය, එහි ඇති විෂබීජ නැසීමේ ගුණය හා ජීරණය පහසු කිරීමේ ගුණය පවතිනවා. ඒ නිසා තරමක් තෙල් වැඩියෙන් පිසින ආහාර වලට සූදුරු එක්කර ගත්තොත් සූදුරු වල ඇති මේ ගුණ වගේම සූදුරු පානයක් ලෙස සකසා ගෙන අජීරණ තත්වයන් වලදී පානයට දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ලබාදෙන්න පුළුවන්.

සූදුරු ස්වල්පයක් හොඳින් සෝදා කුඩා පෑන් එකකට හෝ පිරිසිදු භාජනයකට දමා රන් වන් තද පැහැයට එනතුරු කෝපි මෙන් බැදගන්න. ඉන්පසුව එය කෝපි කුඩු මෙන් කුඩු කරගන්න. දැන් නටවාගත් වතුරට සූදුරු කුඩු මේස හැන්දක් පමණ දමා තැම්බෙන්නට තබා පෙරාගත් සූදුරු වතුර එක දිනකට තුන්වරක් පමණ හැඳි දෙකක් තුනක් අතර ප්‍රමාණයක් ලබාදෙන්න. මෙය වැඩිහිටි මෙන්ම කුඩා දරුවන්ට එකසේ සුවය දෙන අතුරු ආබාධ නැති ඉපැරණි ඖෂධීය පානයක්.

  • අළුකෙසෙල්

අළුකෙසෙල් ආයුර්වේදයට අනුව සිසිල් ගුණයෙන් යුතු එළවළුවක් සේම පළතුරක් ලෙසද පරිභෝජනයට සුදුසු වෙනවා. අළුකෙසෙල් අල ඉතා වටිනා ඖෂධ සෑදීමටද යොදා ගන්නවා. මෙහි ඇති එම ඖෂධීය ගුණ නිසාම අජීරණ තත්වයන් ඇති විට දරුවන්ට පිසූ අළුකෙසෙල් සමග බත් කෑමට දීමෙන්ද සුවයක් ලැබිය හැකි බව පාරම්පරික ආයුර්වේද ක්‍රමවල සඳහන් වෙනවා.

අපේ  පැරැන්නන් විශ්වාස කළ, මෙවැනි බොහෝ ඖෂධීය ගුණ ඇති ප්‍රතිකාර ඉතා පහසුවෙන් අදටත් අපට භාවිත කළ හැකියි. පුංචි පුංචි අසනීපවලටත් රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථානවල රස්තියාදුවෙන පුරුද්ද නතර කරලා මෙවැනි සරල ප්‍රතිකාර ක්‍රමවලට හුරුවෙන්න හැකිනම් ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කරගන්නට හැකිවනවා විතරක් නොවෙයි, බටහිර බෙහෙත් ඖෂධ භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධවලිනුත් වැළකී සිටින්නට ඔබටත් හැකියාව ලැබේවි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles