ඉවත දමන දේ වලින් ලස්සන වෙමු

පැහැපත් සුන්දර සමකට අප කවුරුත් කැමතියි. ඒ වගේම අප සිතනවා ඒ සඳහා අධික මුදලක් වියදම් වනවා කියලත්. ඒත් නිවසේ ඉවත දමන දේවල් රැසක් සමට සත්කාරයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි බව ඔබ දන්නවාද ?

  • කෙසෙල් ලෙල්ලේ ඇතුළු පැත්තේ සුදු පැහැති කොටස මුහුණේ ඇතිල්ලීමෙන් කුරුලෑ ලප කැළැල් ඉවත් වේ.
  • දොඩම් ලෙල්ලේ සුදු පැහැති කොටස මුහුණේ ඇතිල්ලීමෙන් අඳුරු පැහැය ඉවත් වේ.
  • දොඩම් ලෙල්ල බ්ලෙන්ඩර් කර එයට නැවුම් කිරි ස්වල්පයක් එක්  කර මුහුණේ ආලේප කිරීමෙන් පැහැපත් සමක් ලැබේ.
  • ගස් ලබු ලෙලි ශීතකරණයේ ස්වල්ප වේලාවක් තබා මුහුණේ සහ බෙල්ලේ ඇතිල්ලීමෙන් රළු ස්භාවය ඉවත් වේ.
  • අලි ගැට පේර ගෙඩියක් ලෙල්ලත් සමගම බ්ලෙන්ඩර් කර මුහුණේ, බෙල්ලේ, සහ අත්වල ආලේප කිරීමෙන් සම පැහැපත් වේ.
  • ඇපල් ගෙඩියක් ලෙල්ලත් සමගම ගෙන බ්ලෙන්ඩර් කර මුහුණේ ආලේප කරන්න. සම පැහැපත් වේ.
  • ලෙමන් යුෂ විදුරු බාගයකට ජලය වීදුරු බාගයක් දමා සතියකට දෙවතාවක් මුහුණේ ආලේප කරන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles