තරු විසිවෙන කරන්ට් බිල් එන අයට

රතු බිලක්ලොකු ගානක කරන්ට් බිලක් ඔබේ සුන්දර දවසක් කාබාසිනියා කරන්න තියෙන ඉඩ කඩ ගැන අමුතුවෙන් කිව යුතු නැහැනිවසේ විදුලි බිල අවම කර ගැනීමට මෙන්න මේ පුංචි ටිප්ස් ටික අනුගමනය කරලා බලන්න.

  • නිසි ප්‍රමිතියෙන් යුතු එල්..ඩිබල්බ මිලදී ගන්න.
  • විදුලි උපකරණ ස්ටෑන්ඩ් බයි ක්‍රමයට තැබීමෙන් වලකින්න.
  • අනවශ්‍ය විදුලි බල්බ උපකරණ හඳුනාගෙන ඉවත් කරන්න.
  • සිවිලිම් විදුලි පංකා වලට වැඩි විදුලිය ප්‍රමාණයක් වැය වන බැවින් මේස විදුලි පංකා භාවිතා කරන්න.
  • හැකි නම් සුර්ය බලශක්තිය භාවිතා කරන්න.
  • අවශ්‍යතාවන්ට ගැළපෙන ශීතකරණයක් භාවිතාවට ගන්න.
  • ගබඩාකර ඇති ද්‍රව්‍ය ප්‍රමාණයට අනුව ශීතකරණයේ උෂ්ණත්වය පාලනය කරගන්න.
  • ශිතකරණයේ පසුපස කොටසට නිසි වාතාශ්‍රය ලැබීමට සලස්වන්න.
  • ශීතකරණයේ දොර සහ ප්ලාස්ටික් දාරය නියම තත්වයෙන් පවතිනවාදැයි බලන්න.
  • පැරණි තාක්ෂණයේ ශීතකරණ වල අයිස් බැඳීම පාලනය කරන්න.
  • ඇතුළත බඩු ඇහිරීමේදී ඒවා අතර පරතරයක් තබන්න.
  • උණුසුම් උපකරණ ශීතකරණය අසල තැබීමෙන් වළකින්න.
  • පුරුද්දක් ලෙස විදුලි පංකාවබල්බ අනවශ්‍ය විට නිවා දැමීමට පුරුදු වන්න.
  • විදුලි ඒකක වැය වන ප්‍රමාණයමිළ ගණන් පිළිබඳව දැනුවත් වන්න.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles