කැපූ පලතුරු දුඹුරු පැහැ ගැන්වීමෙන් වළක්වා ගන්නේ මෙහෙමයි

කැපූ පසු හැකි ඉක්මනින් පලතුරු අනුභව කිරීම හොඳම ක්‍රමයයි. නමුත් සමහර විට සලාද හෝ කෑම පෙට්ටි සඳහා පසුව ගැනිමට කැපූ පලතුරු ඇසිරීමේදී හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා කැපූ පලතුරු කොටස් ගබඩා කර තැබීමේ දී පලතුරු දුඹුරු පැහැයට හැරීම ගැටළුවක්. කෙසේ වෙතත් මෙසේ කැපූ පලතුරු දුඹුරු පැහැ ගැන්වීමෙන් වළක්වා ගන්නට ඉතා සරළම උපක්‍රමය වනුයේ ලෙමන් යුෂ භාවිතයයි.

ඇපල්, කෙසෙල්, සහ පෙයාර්ස් වැනි ඔක්සිජන් වලට නිරාවරණය වන විට, දුඹුරු පැහැයට පත්වන පලතුරු වර්ග කැපූ විගසම පළතුරු මත ලෙමන් යුෂ දමා හොඳින් කලවම් කර ගන්න. මේ සඳා ඔබට නැවුම් හෝ බෝතල් කළ ලෙමන් යුෂ භාවිතා කළ හැකිය. මේ සඳහා ලෙමන් යුෂ ප්‍රමාණය මැනීමට අවශ්‍ය නැත. පලතුරු කොටස් මත හොඳින් දැවටීමට අවශය තරම් ලෙමන් යුෂ තිබිම ප්‍රමානවත් වේ.

පලතුරු ටික කෑමට ගැනිමට සූදානම් වන තුරු වායු තද රඳවනයක (air-tide) හෝ ප්ලාස්ටික් එතුමක/ අවරණයක (plastic wrap) තදින් ආවරණය කර තැබිමට වග බලා ගන්න. ලෙමන් යුෂ සොයා ගැනීමට අපහසු නම් දොඩම්, දෙහි හෝ නාරං වැනි ආදෙශයක් වූවත් භාවිතා කල හැක.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles