ඔබ ඔබටම කතා කරනවා ද?

ඔබ කවදා හෝ ඔබ සමඟ කතා කරන අතර අන් අයෙකු විසින් ඔබ අමුතු දෙස බලා සිටිනවාද? කණගාටු වෙන්න එපා! ඔබ කරන්නේ වැරදි දෙයක් නොවේ. ශබ්ද නගා කතා කිරීමේ අරමුණ අන් අය සමඟ සන්නිවේදනය කිරීම පමණි. මනෝවිද්‍යාඥයන් එය බාහිර ස්වයං-කතා බහ (external self-talk) ලෙස හඳුන්වන අතර ස්වයං-පරාවර්තනය හා එදිනෙදා කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා වැදගත් මෙවලමක් ලෙස මතු වී ඇති සංකල්පයකි.

  1. ඔබ ඔබේ හොඳම ශිෂ්‍යයාය. ඔබ ඉගෙන ගත් සෑම දෙයක්ම ඔබ වෙනත් කෙනෙකුට උගන්වනවා සේ ඔබ සමඟම කතා කරන්න. උගන්වන ආකාරය දෙස අවධානය යොමු කිරීමෙන් විෂයයක් හොඳින් අවබෝධ කරගැනීමට හැකිවේ.
  2. ඔබේ සිතුවිලි වඩාත් හොඳින් සංවිධානය කිරීම සඳහා සහ අවධානයෙන් යුක්තව ගතික තත්වයන්ට අනුවර්තනය වීමට ඔබ ඔබටම කතා කිරීමෙන් හැකිවේ. මේ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ තමන්ටම කතා කරන අය ඔවුන් සොයන ඕනෑම දෙයක් වේගවත්ව හා වඩා නිවැරදිව සොයා ගැනීමට හැකියාව ඇති බවයි.
  3. ඔබේ ඉගෙනුම, අවබෝධය හා කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා මානසික සහ වාචික දෙබස් අවශ්‍ය වේ.

අවසාන වශයෙන්, වඩාත් ප්‍රබලව සහ පැහැදිලිව ඔබේ පණිවුඩය ඔබේ මනසට ලබා දීමෙන් වැඩි අවධානයක්, වඩා වැඩි ඒකාග්‍රතා මට්ටමක් සහ තීරණ ගැනීමේ හැකියාවන් වඩාත් දියුණු වේ. ඇත්ත වශයෙන්ම, ස්වයං කතාව ඔබේ සිතුවිලි ක්‍රියවට නැංවීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරයි. රැස්වීමක් හෝ දේශනකින් පසුව ඔබ ඉගෙනගත් දේ යම් ක්‍රියාකාරකමක් සිදු කරන අතරම ඔබටම කතා කරමින් ඉගැන්වීමට උත්සාහ කරන්න. කාලයත් සමග එහි ප්‍රතිලාභ අත් කර ගැනීමට හැකි වනු ඇත.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles