පුංචි දුවගේ කන්පෙති විදීම පිළිබඳ ඔබ දැනගත යුතුම දේවල්

ඔබ ඔබේ පුංචි සුරංගනාවියගේ කන්පෙති විදීමට සැලසුම් කරන්නේ නම්, ඒ සඳහා මෙම වටිනා උපදෙස් කිහිපය වැදගත් වේවි.

දූගේ කන්පෙති විදීම සඳහා හොඳම වයස කුමක්ද?

දෙමව්පියන් බොහෝ දෙනෙක් තම දියණියන්ගේ කන් විදීම ළදරු අවධියේදීම සිදු කිරීමට කැමැත්තක් දක්වයි. ඔබේ දරුවාට වයස මාස හයක් පමණ වන තෙක් වත් බලා සිටීම වෛද්‍යවරුන් විසින් රෙකමදාරු කරනු ලැබේ. එමගින් ඇයගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීමට අවස්ථාවක් ඇත. අනෙක් විකල්පය වන්නේ ඔබේ දියණිය වැඩෙන තෙක් බලා සිට ඇයගේ කන් ඇඳීමට අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කිරීමට ඇයටම ඉඩ දීමයි. වයසින් වැඩුණ දියණිය ඇගේ කන් විදීම සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරනු ඇත.

දූගේ කන්පෙති විදීම සඳහා සැලසුම් කරන්නේ නම්, ඔබ මතක තබා ගත යුතු කරුණු කිහිපයක් පහත දැක්වේ:

  1. කන්පෙති විදීම යනු ආසාදනය විය හැකි තුවාල නිසා දූගේ කන්පෙති විදීමට පෙර ඇගේ ටෙටනස්/පිටගැස්මට ලබාදෙන එන්නත සහ අනෙකුත් එන්නත් ලබා දී ඇති බවට වග බලා ගන්න.
  2. ළමුන් සඳහ ප්‍රතිකාර කරන පළපුරුදු වෛද්‍යවරයෙකු pediatrician ලවා දූගේ කන්පෙති විදීම සිදු කිරීමට උත්සාහ කරන්න.
  3. කන්පෙති විදීමේ ක්‍රියාලිය පුරාවටම සනීපාරක්ෂාව තහවුරු කර ඇති බවට වගබලා ගන්න.
  4. නිර්වින්දන ආලේප (numbing cream) කිරීමෙන් දරුවාට දැනෙන වේදනාව අඩු කර ගත හැකිය. දරුවාගේ වෛද්‍යවරයා දැනුවත් කර නිර්වින්දන ක්‍රීම් එකක් ලබා ගත හැක.
  5. හැකි නම්, තාක්ෂණවේදීන් දෙදෙනෙකු ලවා එකවරම කන්පෙති විදීම සිදු කිරීමට වග‍බලා ගන්න.
  6. කැටයම් සහ විසිතුරු රහිත ආසාදන ඇති නොකරවන තනි රත්‍රං වැන්නකින් වන කරාබු තෝරගන්න මතක තබා ගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles