අහනවනම්, මෙන්න ඈ ගැන සින්දු

කාන්තාවක් කියන්නේ ජීවිතයේ එක් එක් වයස් මට්ටම්වල දී විවිධ භූමිකාවන්ට මුහුණ දෙන තැනැත්තියක්. ළදැරියක්, සොයුරියක්, දැරියක්, නව යෞවනියක්, යුවතියක්, පෙම්වතියක්, බිරිඳක්, වගේ ම ලෝකයේ උත්තරීතර මානව සම්බන්ධතාව ගොඩනඟන්න‍ට දායකවෙමින් මවක් වන්නට වාසනාව ඇයට උරුමයි.

සුරතල් සිඟිත්තියක් ලෙස මෙලොව එළිය දැක, තමන්ගෙන් පසුව පවුලට එකතුවන සාමාජිකයන්ට හොඳ සොයුරියක් වෙමින්, දැරියකගේ සිට පෙම්වතිය තෙක් කාලය ඇය තම ආදරණීය මව්පියන් සෙවණේ ගතකරනවා. ඉන් අනතුරුව තමන්ගේ ජීවිතයට එකතුවන ආදරණීය සැමියා සමඟ ඇය ඇගේ දෙවැනි ජීවිතය අරඹනවා. ඉතින් මේ මානව සමබන්ධතා හමුවේ ඇයට මුහුණ දෙන්නට ලැබෙන අත්දැකීම් විවිධයි. ඇතැම්විට සරලයි. ඇතැම්විට සංකීර්ණයි. ඇතැම්විට අතිශයින් සුන්දරයි. ඇතැම්විට පුදුමාකාරයි. තවත්විටෙක ශෝචනීයයි. කෙසේ වෙතත් මේ හැම ආකාරයකම අත්දැකීම් සිංහල ගීත තුළ විස්තර වන හැටි දැනගන්න ඔබ කැමති ද? බොහෝ දෙනා මේ වනවිටත් අසා ඇති, එහෙත් එකතුවක් හැටියට හඳුනාගන්නට මෙතෙක් අපහසු වුණ පැරණි ගීත ලයිස්තුවක් මෙහි ඉදිරිපත් කර තිබෙනවා. මේ ලයිස්තුවේ ඇතුළත් ගීත යූ ටියුබ් හෝ අන්තර්ජාලයේ වෙනත් ගීත වෙබ් අඩවි තුළින් ඔබට ඉතා පහසුවෙන් Download  කරගත හැකියි. මේ එකතුවට ඇතුළත් කරන්නට ඔබ දන්නා ගීතත් බොහෝ ඇති. ඒ සඳහා අපි ඔබට ආදරයෙන් ඇරයුම් කරනවා. ඒ වගේ ම ගීත ගැන විචාරශීලී සහ නිර්මාණාත්මක අදහස් සාමූහික ව බෙදාගන්නටත් මේ හරහා ඔබට අවස්ථාව ලැබෙනවා.

දුවට ගැයුණු ගී

  • දුව මාගෙ දෝ අම්මගේ දෝනි නේදෝ..
  • දිල්හානී දියණී
  • පුංචි දෝනි තරහා වෙලා
  • කන විදින වෙලේ කඳුලු ගගේ පතුල බැලූ දූ
  • සුරංගිට දුක හිතුණා
  • පරවුණු මල්වල සුවඳ අතීතේ
  • මගෙ සුරතල් පොඩිදුව හොඳ ළමයෙක් වෙනවා
  • මුලු ලොව ලැබුණත් වෙනස් නොවේ -මගේ එක වස්තුව නුඹයි දුවේ
  • දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

සොයුරියට ගැයුණු ගී

  • මල් කිනිත්ත වාගෙ පුංචි නංගි ලස්සනයි
  • උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාලුවෝ
  • අක්ක නගාලගෙ බොළඳ සිනා
  • නංගියේ මොක ද වැඩ ඇරී ගෙදර නුඹ හිනාවෙවී

යුවතියට ගැයුණු ගී

  • මංගල නැකතේ පුංචි නංගි මගෙ
  • පුංචි දවස්වල නින්දට යද්දී
  • කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ
  • මනමාලිය වී හෙට දවසේ
  • රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ
  • විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙළා
  • ටිකිරිමලී පාසල් යන පොඩි අඩි පාරේ
  • බෝධියේ විහාර ගේ පිදූ පියුම් වැනි වූ
  • ජීවන විල මැද
  • ටජ් මහලක් තනවන්න නෑ මට
  • සාරිපොඩිත්තක් ඇඳගෙන
  • මන්නාරම් පිටිවැල්ලේ
  • ගාන තෙල් සඳුන් වරලස
  • තුමුල නමුණු කුල ගිරි හිස උදුල සඳමඩල දුටු නෙත
  • හිඳීවි කොතනක හෝ හිමිකාරයා
  • කොණ්ඩ කිරිල්ලියේ

බිරිඳට ගැයුණු ගී

  • ඈත සිටන් සෙල්ලි සෙල්ලි සෙල්ලියේ
  • බිරිඳ මගේ ඔබ
  • මැණිකේ ඔබේ සිනාවේ
  • හා හා ළ‍ඳේ
  • තාත්තා වුණත් මා බත සරිකරන
  • හා ..මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඩ නඟා
  • මගෙ අමල්බිසෝ දොර අරින්නෙපා
  • මගෙ මන්ද්‍රි නම් බිසෝගේ
  • මගෙ බිසවුනේ අසාපන්
  • හඬන්නෙ ඇයි සුදු මැණිකේ
  • මැණිකක් රකිනා නා රජිදෙකු සේ
  • මුදු මුහුණේ සුව දැනුනේ

මවට ගැයුණු ගී

  • මිහිමඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
  • දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ
  • අම්මාවරුනේ
  • උකුලට නාවත් එදා වගේ
  • දුනුකෙයියා මලක් වගේ
  • අම්මා කියලා බහතෝරනා
  • දවසක් පැල නැති හේනේ
  • සඳ දියකොට කිරිවතුරෙන්

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles