පෙන්වීම…

ජීවිතේ නිස්සාර යැයි මට සිතේ. අවුරුදු හතක් ප්‍රේම කර විවාහය නම් වූ බන්ධනය ඉතා උතුම්ව සිතා මලින්ද සමඟින් ඇරඹූ ජීවිතය ගැන මට කලකිරීම් දැනේ. දන්නා කාලයේ පටන්ම මලින්ද මෙහෙමය කියා හිත හදාගන්නට කෙලෙසකවත් ඉඩක් නැත. ඒ අප සමඟ මේ අපාර්ට්මන්ට් එක බෙදාගන්නා සවිනි සහ කල්හාර නිසාය.

අප ඕස්ට්‍රේලියාවට පැමිණ මාස කිහිපයකි. මලින්දගේ රැකියාව ස්ථිර වුවද ටික කාලයක් යනතුරු කල්හාර හා සමඟ එක් නිවසක උඩු සහ යටි මහල බෙදාගන්නට මලින්ද කල යෝජනාවේ මටද වරදක් පෙනුනෙ නැත.  ඒ අනුව ඔවුහු උඩු මහලත්, අප පහත මහලත් වන ලෙසින් නිවස්න බෙදා ගත්තෙමු. 

කල්හාර සහ සවිනිගේ ජීවිතය සමඟින් මලින්ද සහ මගේ ජීවිතය සැසඳීම ඇරඹුණේ මම සවිනි සහ කල්හාරගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හා සම්බන්ධ වූවාට පසුවය. ඉන් ඇරඹුණ සැසඳීමට දිනපතා, සතිපතා ඇති තරම් වන සේ කරුණු යෙදුණි. 

පෙම්වතුන්ගේ දිනය  එලැබුණි. කල්හාරගේ ගිණුමේ සවිනි සහ ඔහුගේ සේයාරුවක් සමඟින් ඇය ඔහුට ලබාදුන් තෑගිද සමඟ සටහනක් විය. සවින්ගෙ ගිණුමේ එවන් සටහන් කිහිපයක්ම සමඟ සේයාරුවන් විය. මලින්ද පෙම්වතුන්ගේ දිනය යැයි කියා කලේ මගේ හිස සිඹ ” ආදරෙයි පිස්සු කෝච්චියට” කීමය. ඔහු එය වෙනදාද නොකියනවා නොව්. සවස එන විට ලාව කේක් එකක් රැගෙන විට් තිබුණි. 

කල්හාර සහ සවිනි පෙම්වතුන්ගේ දිනය සමරන්නට  හෝටලයකට පිටත්ව ගොස් තිබූ සේයාරුවන් විය. 

මම සිටියේ සිත රිදවාගෙනය. 

ඊළඟ දිනයක කල්හාරගේ වට්සැප් තිරයේ ප්‍රොෆයිල් පින්තූරයට ඔවුන් දෙදෙනාගේ සේයාරුවක් යොදා තිබුණි. මම මලින්ද එන තුරු මඟ බැලුවෙමි. 

” මලින්ද ?…”

” ම්ම්ම්…”

” ඔයත් වට්සැප් ඩීපී දාන්නකෝ අපේ කපල් ෆොටෝ එකක් …”

” ඒ මොකටද ?…”

” නිකන් ඉතින් …. ඔයාට දාන්න පුළුවන් නේ…”

” හරි ඉතින් මොකටද එහෙම දාන්නේ ?”

” නිකන් ..පේන්න …”

“කාට පේන්නද?”

“අපේ කන්ටෑක් ලිස්ට් වල ඉන්න අයට නේ ඉතින් ඩීපී එක පේන්නේ මලින්ද …”

” හරි ඉතින් දැන් මොකටද එහෙම පෙන්නනේ..?”

“ඇයි දැන් ඔයාට මාව පෙන්නන්න බැරිද ?”

“දැන් ඒකද මම කිව්වේ ?”

” එහෙනම් ඩීපී දාන්න අපි දෙන්නාගේ ෆොටෝ එකක් …”

මලින්ද කෝපයෙන් නැගිට ගියේය. මගේ රිදුම් සමඟ කෝපය ඉහ වහා ගියේය. පසුදින මලින්ද නිවසින් පිටව යනතුරුම මම නැහිට්ටේ නැත. ඔහු කුසගින්නේම පිටව ගියේ ය. ඇතැම්විට ඔහු දහවලද කුසගින්නේම විය  හැක. 

මම කල්පනා කරමින් පැය ගණනාවක්ම ගෙවා දැම්මෙමි.  මලින්දට අපේ පෞද්ගලික ජීවිතය නිරාවරණය කිරීම අවැසි වූයේම නැති බව මට සිහි විය. ඔහු එලෙස හැසිරීම එකල සහනයක් සේ දැනුනද , දැන් ඉන් දැනෙන්නෙ වේදනාවක් පමණි. පරාජිත බවක් පමණි.

මලින්දගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් පීරමින් යම් සැකයක් වෙනුවෙන් වස්තු බීජයක් සෙව්වෙමි. අවසානයේ ගලපා ගත්තෙමි. 

මලින්ද නිවෙසට පැමිණියේ වෙනදාටවඩා ප්‍රමාද වීගෙනය.

” මාව කසාද බැන්දේ ඇයි ඔයාට මාව ලැජ්ජාවක් නම් …”

මම මලින්දගේ ඇඟට කඩා පැන්නෙමි. මලින්ද තරවටු බැල්මක් හෙලා මා මඟ හරින්නට උත්සාහ කලේය. 

” කල්හාර කොච්චර ශෝක්ද ? එයා හැමවෙලේම සවනිව සතුටින් තියනවා …. සවනිව එක්ස්පෝස් කරනවා .. එයා නිසා ආඩම්බරෙන් බව කියනව.. ඒකට ඔයා .. එකම එක කපල් ෆොටෝ එකක් දාලා තියෙනවා ද ඔයා ? ඔයාටමාව ලැජ්ජාවක් නම් කියන්න මලින්ද .. මම අයින් වෙන්නම්… 

අර කල්හාර සවනිගෙර් හැම පෝස්ට් එකකටම හාර්ට් දානවා, දෙන්නාගේ කොමෙන්ටු වල ලස්සන.. ඒකට ඔයා.. ඔයා අවසානෙට මගේ පෝඅට් එකකට හාර්ට් එකක් දාපු දවසක් මතකද ? 

හැබැයි ඔයාට වෙන වෙන ගෑනුන්ට  හාර්ට් දාන්නයි, කොමෙන්ටු දාන්නයි නම් වෙලා තියෙනවා … මට ඔය ඔක්කොම තේරෙනවා මලින්ද ..

නොතේරෙන්වා වගේ උන්නට මට මේ ඔක්කොම තේරෙනවා…”

මම කෑ ගැසුවෙමි.එදාට පසුව මලින්ද නිහඬ විය. ඔහු  මට මුහුණ නොදීම උන්නේය ඇතැම් රාත්‍රීන් හී පිටතට ගොස් ආහාර රැගෙන මටද අඩක් වසා තැබුවේය. 

එහෙත් මගේ තුවාල පෑරුණා පමණි

එක් වරම මම තිගැස්සි ඇහැරුණේ කිසිවෙකු දොරට ගසන හඬිනි. අප දෙදෙනාම වහා ඇඳෙන් බැස්සෙමු. 

විවෘත කරම ලද දොර අසල උන්නේ සවනිය. ඇගේ නළල පැලී රුධිරය වහනය වෙමින් තිබුණි. මලින්ද වහා ඇය සෙටියට බර කලේය. අයිස් තබා ඇය සන්සුන් කලේය. 

මම ගිලන් රථ සේවයකට ඇමතුවෙමි. 

සවනි රෝහල් ගත කිරිමෙන් පසුව කල්හාර සොයාගෙන මලින්ද උඩු මහලට ගියේය. මම නිවෙසේ උන්නෙමි. 

මලින්ද දෙහෝරාවකට පසු පැමිණියේය. එහෙත් කිසිවක් කීවේ නැත.

” මොකක් ද වෙලා තියෙන්නේ ?”

මම විමසුවේ ඉවසා සිටිය නොහැකිම තැනය.  

” කල්හාරයා ඔෆිස් එකේ ට්‍රිප් එකක් කියලා ගෙදරින් ගිහින් … සවනි ඒ අස්සේ වෙන කොල්ලෙක් මීට් වෙන්න ගිහින් … කල්හාරයා ට්‍රිප් එකක් කියලා කෙල්ලෙක් ගේ සීන් එකකට ගිහින් තියෙන්නේ.  දෙන්නව මාට්ටු වෙලා ගම්පහදි … ඔය ගෙදර ඇවිල්ලා වෙච්ච දේ ….” 

කල්හාර එපමණක් පවසා කාමරයට ගියේය.

” අචිනි මට වතුර එකක් …”

මම පියවි සිහියට එලැඹුනෙ ඒ හඬිනි. වතුර වීදුරුවක් ද රැගෙන මම කාමරයට ගියෙමි. මගේ අත වෙවුලයි.

” ඔයා වෙවිලන්නේ මොකද අචිනි ..”

මං රොබෝවෙක් වගේ ඔලුව වැනුවෙමි. 

” ඒක උන්ගේ ප්‍රශ්නයක් .. ඔයා ඒවා කල්පනා කරන්න ඕනි නෑ…”

කල්හාර මා ඔහු අසලට ඇද හිඳුවා ගත්තේය.

” සෝශල් මීඩියා වල වාව් කියලා හිතෙන ජීවිත පෙන්නුවට සමහරවිට ඒවා එහෙම නෙවෙයි කියලා ඔයාට පේනවා නේද ? ඒ නිසා එහෙම නොපෙන්නුවට ආදරේ අඩුයි කියලා හිතන්නෙපා… ෆොටෝ එකක් දාන එක මම නොකරනවාම නෙවෙයි නේ… ඒක ටූ මච් වෙන්නේ නෑ ඒත් මගේ අතින්…”

මම මලින්දගේ පපුව ඉම්බෙමි. ඔහු සිනාසෙනු ඇසිණි.

“දැන් කල්හාරයා ව ඇරෙස්ට් කරයි … අර ගෑණි ඇවිල්ලා ඇප දෙයි.. ඊට පස්සේ මේ මඟුල ඇරුන ගානයි … “

මලින්ද එලෙස පැවසුවේය. 

මම සුසුමක් හෙලුවෙමි.

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles